යාපනය – කොළඹ දුම්රිය සේවා නැවත ආරම්භ කිරීම, කාලසටහන් ප්‍රතිව්‍යුහගත කිරීම සහ යටිතල පහසුකම් ගැටළු විසඳීම පිළිබඳ ඉහළ මට්ටමේ සාකච්ඡාවක් අද (2026.06.20) සෙනසුරාදා උදෑසන උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
ධීවර, ජලජ විද්‍යා හා සමුද්‍ර සම්පත් අමාත්‍ය ගරු ඊ. චන්ද්‍රසේකර් සහ උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතා යන මහත්වරුන්ගේ සම සභාපතිත්වයෙන් පැවති මෙම රැස්වීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පද්මප්‍රිය ඇතුළු ඉහළ මට්ටමේ නිලධාරීන් සහභාගී විය. *දුම්රිය සේවා වැඩි කිරීම සහ කාලසටහන වෙනස් කිරීම* උතුරු පළාතට පැමිණෙන සංචාරකයින් විශාල සංඛ්‍යාවක් සහ දුම්රිය ප්‍රවාහනය […]
