යාපනය නගරයේ නවීන වෙළෙඳ සංකීර්ණයේ වත්මන් අයහපත් තත්ත්වය සෘජුවම නිරීක්ෂණය කර අවශ්‍ය පියවර ගන්නා බවට උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමාගෙන් සහතිකයක්

යාපනය නගරයේ පිහිටි නවීන වෙළෙඳ සංකීර්ණයේ වත්මන් අයහපත් තත්ත්වය පිළිබඳව ස්ථානීය නිරීක්ෂණයක් සිදුකර, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා බවට උතුරු පළාත් ගරු ආණ්ඩුකාර එන්. වේදනායගන් මහතා සහතික වී ඇත. යාපනය වෙළෙඳ සංගමයේ නියෝජිතයන් සහ ගරු ආණ්ඩුකාරතුමා අතර අද (20.10.2026) ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී මෙම සහතිකය ලබා දෙන ලදී.

මෙම සාකච්ඡාවේදී වෙළෙඳ සංකීර්ණයේ නිසි නඩත්තු කටයුතු සිදු නොවීම, වැසිකිළි පද්ධති අබලන් තත්ත්වයේ පැවතීම, රාත්‍රී කාලයේ සිදුවන සමාජ විරෝධී ක්‍රියාකාරකම් සහ වෙළෙඳසල්වල අයිතිය පැවරීමේදී පවතින ප්‍රමාදයන් පිළිබඳව වෙළෙඳ සංගමයේ නියෝජිතයෝ ගරු ආණ්ඩුකාරතුමාගේ අවධානයට යොමු කළහ.

එමෙන්ම, යාපනය මධ්‍යම බස් නැවතුම්පොළ ආශ්‍රිතව පවතින රථවාහන හා මගී තදබදය මෙන්ම පෞද්ගලික බස් රථ සේවා හේතුවෙන් වෙළෙඳ කටයුතුවලට සිදුවන අහිතකර බලපෑම් පිළිබඳව ද ඔවුහු කරුණු ඉදිරිපත් කළහ.

ඉදිරිපත් කරන ලද කරුණු සහ ඉල්ලීම් පිළිබඳව අවධානය යොමු කළ ගරු ආණ්ඩුකාරතුමා, නුදුරේදීම අදාළ වෙළෙඳ සංකීර්ණය වෙත ගොස් එහි පවතින තත්ත්වය සෘජුවම නිරීක්ෂණය කර, ඒ අනුව සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ප්‍රකාශ කළේය.

මෙම සාකච්ඡාවට ගරු ආණ්ඩුකාරතුමාගේ ලේකම්වරයා සහ පෞද්ගලික ලේකම්වරයා ද සහභාගි වූහ.