May 2019

ආණ්ඩුකාරතුමා අගරදගුරු හමු විය.

ගරු ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මැතිඳුන් අද (26) දින කර්තිනාල් මල්ගම රංජිත් අගරදගුරු එතුමාගේ නිල නිවාසයේ දී හමුවිය. පසුගිය පාස්කු ඉරුදින ආගමික වතාවන් වල නිරත වූ ක්‍රිස්තියානි ආගමිකයින් මුහුණදුන් ව්‍යසනයපිළිබඳ උතුරු පළාත් ජනතාව වෙනුවෙන් සිය කණගාටුව ප්‍රකාශ කළේය. வடக்கு ஆளுநரின் ஊடகப் பிரிவு

ගරු ආණ්ඩුකාරතුමාගේ මහජන දිනය එළඹෙන 24 වන බදාදා දින පවත්වනු නොලැබේ.

සෑම බදාදා දිනයකදීම උතුරු පළාත් සභා අමාත්‍යංශ ලේකම්වරු සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් පවත්වනු ලබන ගරු ආණ්ඩුකාරතුමාගේ මහජන දිනය එළඹෙන 24 වන දින පවත්වනු නොලැබේ. ආණ්ඩුකාරවර මාධ්‍ය ඒකකය, උතුරු පළාත 2019.04.22

උතුරු පළාත් සභාවට අයත් සියලුම රාජ්‍ය ආයතන සඳහා හෙට දින නිවාඩු – ආණ්ඩුකාරතුමාගේ නියෝගය

උතුරු පළාත් පාසල් ඇතුළුව රටේ සියලුම පාසල් වලට අධ්‍යාපන අමාත්‍යංශය මගින් හෙට සහ අනිද්දා දින නිවාඩු ලබා දී ඇති අතර උතුරු පළාත් සභාවට අයත් සියලුම පළාත් රාජ්‍ය ආයතන සඳහා හෙට (22) සඳුදා දින නිවාඩු ලබා දීමට ගරු ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මැතිඳුන් නියෝග කර ඇත.   ආණ්ඩුකාරවර මාධ්‍ය ඒකකය, උතුරු පළාත 2019.04.22