උතුරු පළාත් අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු වල පරිපාලන කටයුතු කාර්යක්ෂමව සිදු කිරීමට සහ මහජනතාවට සේවා වැඩිදියුණු කිරීම සඳහා පියවර කඩිනම් කිරීමට උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වෙතනායගන් මහතා උපදෙස් දී තිබේ. අද (2026.10.29) ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ දී එතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති උසස් නිලධාරීන් සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී එතුමා මෙම අවධාරණය කළේය.
සාකච්ඡාව අතරතුර, පළාතේ කාර්යමණ්ඩල හිඟය පියවීම පුරප්පාඩු පිරවීම, බඳවා ගැනීම් සහ උසස්වීම් කඩිනම් කිරීම සහ වාර්ෂික ස්ථාක මාරුවීම් නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා ගරු ආණ්ඩුකාරතුමා නියෝග කළේය. නියමිත කාලය තුළ නිල ලිපිවලට ප්‍රතිචාර දැක්වීම, විනය පරීක්ෂණ සහ විගණන ප්‍රශ්න කඩිනමින් සම්පූර්ණ කිරීම සහ අයවැය නිසි ලෙස කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවය ද ඔහු පෙන්වා දුන්නේය.
තවද, කාර්යාල ඵලදායිතාව වැඩි කිරීම, නිසි අාකාරයෙන් රජයේ උත්සව පැවැත්වීම සහ සම්බන්ධීකරණ කමිටු රැස්වීම්වලට දෙපාර්තමේන්තු නිලධාරීන් නිතිපතා සහභාගී වීම පිළිබඳව ද උපදෙස් ලබා දෙන ලදී. පළාත් ප්‍රධාන ලේකම්, ආණ්ඩුකාර ලේකම්, අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් අධ්යක්ෂවරුන් සහ බොහෝ දෙපාර්තමේන්තු ප්‍රධානීන් මෙම රැස්වීමට සහභාගී වූහ.



