පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව

Probetion_banner-g

කොමසාරිස්

 

 

කොමසාරිස්

දුරකතන: 0212057102
ජංගම : 0778612229
ෆැක්ස් :0212205103
විද්‍යුත් තැපෑල: pccsnp@gmail.com

මෙහෙවර :

ළමා අයිතිවාසිකම් පිළිබඳ ජාතික හා පළාත් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට සහය ලබා දීම හා ඔවුන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම සහ අනාරක්ෂිත දරුවන් ළමා අපචාරයන්ට ගොඳුරු වූ ළමුන්, නීති විරෝධි ක්‍රියාවන් වල නිරතවන ළමුන් සඳහා සමාන අවස්ථා ලබා දීම.

අරමුණු :            

  • ළමුන්ගේ නීතිමය රැකවරණය තහවුරු කිරීම.
  • පරිවාස නියෝග සෑදීම සඳහා අධිකරණයට සහාය දැක්වීම.
  • ළමුන් සඳහා වූ විකල්ප සැළකිලි ක්‍රමවේදයක් ඇති කිරීම සහ පහසුකම් සැළසීම.
  • ළමා වැරදිකරුවන්ගේ පුනර්ජීවනය සහ පුනරුත්ථාපනය අදහස් කොට ඔවුන්ව ආයතනගත කරමින් අධ්‍යාපනය සහ ජීවන වෘත්තීමය පුහුණුව ලබාදීමට කටයුතු කිරීම සහ නැවත සමාජගත කිරීම.
  • අගතියට පත් ළමුන්ට මානසික සහ සමාජීය සහාය දැක්වීම.
  • දාරිද්‍රතාවයෙන් හෝ වෙනත් සමාජීය අවශ්‍යතා හේතූවෙන් ජීවිතය කඩා කප්පල් විය හැකි ළමුන්ගේ සංඛ්‍යාව අඩු කරලීමටත්, වැළැක්වීමටත් පියවර ගැනීම සහ ළමුන් ඉපැයීම වැළැක්වීම.
  • ඉතා කාරුණික සහ සීමා කරන ලද නීතිමය පියවරයන් ළමුන් සම්බන්ධයෙන් ගැනීම.
  • අවශ්‍යතා ඇති ළමුන් කෙරෙහි සැළකිල්ලක් දැක්වීමට කටයුතු කිරීම.

කාර්යය හා කර්තව්‍ය

  • ළමා අපචාර වලින් අගතියට පත් වූවන්ගේ රැකවරණය වෙනුවෙන් පියවර ගැනීම සහ ළමා අපචාර වලින් අගතියට පත් අනාථ සහ අත්හළ ළමුන් සඳහා සැළකිලි දැක්වීමට සහ ආරක්ෂාව සැපයීමට අධිකරණ නියෝග ලබාගැනීම.
  • අපචාර වලින් ආරක්ෂා කළයුතු ළමයෙකුගේ අයිතිය සහ ළමා අපචාර වළක්වන ක්‍රමයන් පිළිබඳ දැනුවත්වීම් සකස් කිරීම සහ ළමා අපචාර වැළැක්වීම සම්බන්ධිත පර්යේෂණ පැවැත්වීම සහ කටයුතු කිරීම.
  • අවශ්‍යතා ඇති ළමයෙකුට සැළකිලි සහ රැකවරණ ලබාදීම සඳහා සුදුසු පියවර ගැනීම සහ තම දෙමව්පියන්ට යටත් නොවූ, පාසලට ක්‍රමානුකූල නොවූ, මුරණ්ඩු, සමාජ විරෝධී ක්‍රියාවන්හි නිරත ළමුන් සම්බන්ධයෙන් කටයුතු කිරීම.
  • ළමා අපචාර පාලනය කිරීමට පළාත්, දිස්ත්‍රික්ක හෝ ප්‍රදේශ වශයෙන් වූ කමිටූ සහ එහි උප කමිටූ ස්ථාපිත කිරීම.
  • ළමා අපචාර සම්බන්ධයෙන් වූ පැමිණිලි පොදු ජනයාගේ සිට ලබාගැනීමත්, අවශ්‍ය වන විටෙක සුදුසු බලධාරීන්ට පැමිණිලි ඉදිරිපත් කිරීම සහ කටයුතු කිරීම.
  • අවශ්‍යතා ඇති ළමුන්ට හදිසි සහ වෙනත් උපකාර සැපයීම සහ ළමාරක්ෂක සේවා සපයනු ලබන ආයතනයේ අවශ්‍යතාවය පතන ළමුන්ව අනුමත කිරීම.
  • ආයතනගත ළමුන්ව, ඔවුන්ගේ පවුල් සමග නැවත සම්බන්ධ කිරීමට පහසුකම් සහ සහාය ලබාදීම.        
  • දරුකමට හදා ගැනීමේ පහසුකම් සහ සහාය ලබාදීම.
  • ඉහළ මට්ටමේ නෛතික වෘත්තිකයාගේ සහ ඉහල මට්ටමේ නීතිමය නොවන වෘත්තිකයාගේ සේවාවන් ලබාගැනීම.
  • ළමාරක්ෂක සේවා සපයනු ලබන ආයතන වලට බලපත්‍ර හෝ සහතික නිකුත් කිරීමත යම් සේවයකට අනුමැතිය ලබාදීම. ඒ සමග එම ආයතන පරීක්ෂා කිරීම සහ අධීක්ෂණ කිරීම.
  • ළමාරක්ෂක සේවා සපයනු ලබන ආයතන වලින් සපයනු ලබන සේවාවන් පිණිස යම් ගාස්තුවක් අයකිරීම හෝ බද්දක් පැනවීම.
  • 1944 වසරෙ A අංක 42 දරණ වැරදිකරුවන් පරිවාස කිරීම ආඥා පනතට අනුකූලව, අධිකරණය විසින් කරනු ලබන පරිවාස, ළමාරක්ෂක නියෝග අනුගමනය කරමින් කවර හෝ වරදකරුවෙකුගේ අධීක‍ෂණය භාර ගැනීම සහ නියෝග අන්තර්ගත කොන්දේසි මුළුමනින් අනිවාර්යෙන් අනුගමනය කරන්නේ ද, යන්න අවධානය කිරීම.
  • පරිවාස කිරීම පනතේ නිශ්චිත දක්වා ඇති පරිද්දෙන් හෝ නිලධාරියා සුදුසු යැයි අදහස් කරන ආකාරයෙන්, එයට අනුකූලව එම කාල පරතරය තුළ කවර හෝ වරදකරුවෙකු දැකීම සහ ඔහුගෙන් වාර්තාවක් ලබා ගැනීම.
  • කවර හෝ වරදකරුවෙකුගේ පරිවාස සහ දියුණුව කෙරෙහි කාලීන වාර්තා සැකසීම.
  • අධීක‍ෂණය යටතේ වූ වරදකරුවෙකුට අවවාද කිරීම, සහාය දැක්වීම සහ මිත්‍රත්වයෙන් කටයුතු කිරීම, ඒ සමග අවශ්‍ය වන විටෙක ඔහුට රැකියාවක් සහ නවාතැනක් ලබාදීමට උත්සාහය දැරීම.
  • කවර හෝ වරදකරුවෙකුගේ චරිතය පූර්වාංග විනය, පරිසරය සහ මානසික හෝ ශාරිරීක තත්ත්වය යනාදිය සම්බන්ධයෙන් අධිකරණය වෙත සියළු තොරතුරු ඉදිරිපත් කිරීම.
  • පරිවාස, ළමාරක්ෂක නඩුවේ අවස්ථානුගත පරිදි පරිවාස, ළමාරක්ෂක නිලධාරියා විසින් කවර හෝ වරදකරුවෙකුගේ අධීක‍ෂණය භාර ගැනීමට හැක්කේ ද, යන ප්‍රශ්නය සම්බන්ධයෙන් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කිරීම.
  • දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර පරිපාලනය සඳහා අත්‍යවශ්‍ය රීතින් සකස් කිරීම.
  • දෙපාර්තමේන්තුවේ අරමුණු ඉටු කර ගැනීම උදෙසා පොදුවේ අවශ්‍ය වන්නා වූ සුදුසු වෙනත් සියළු කාර්යයන් ඉටු කිරීම.

සම්බන්ධිත ලැයිස්තුව

තැපැල් ලිපිනය  :තැපැල් ලිපිනය – මීනාච්චි අම්මන් කෝවිල පාර, පන්නෛ, යාපනය.

දුරකථන අංකය: 0212057102

ෆැක්ස් අංකය .  :0212057103

විද්‍යුත් තැපැල් ලිපිනය  pccsnp@gmail.com

DesignationNameTelephone
Number – Direct
Telephone
Number – Mobile
FAXEmail
CommissionerMrs.Sujievaa Sivathass021 205 71020777724479021 2057102pccsnp@gmail.com
AccountantMrs.S. Kavitha021 222 83210779454424 pccsnp@gmail.com
Administrative OfficerMrs. Mythily Kavinesan021 222 4782077 423 7521 kavinesanmythily@gmail.com
Probation Officer Head QuartersMr N. Selventhira021 205 7133076 284 0575 pccsnp@gmail.com
Principal Certified School, AtchuvelyMr. T. Harishanth021 3218494077 1778406 certifiedschoolatchuvely@gmail.com
Senior Probation Officer – JaffnaMr.V.Vignarajah021 315 5791077 199 9337 districtprobationjaffna@gmail.com
Senior Probation Officer – MullaitivuMr.S.Sivaharan021 206 00130770712077 muldpcc@gmail.com
Senior Probation Officer – MannarMr.T.Karuiyanathan023 222 20810779596076 dpccmannar@gmail.com
Senior Probation Officer – VavuniyaMr.T.Manohararajah024 222 21940776333070 probation024@gmail.com
Senior Probation Officer– KillinochchiMr.D.R.P. Dharmadasa021 228 38240714478208 dpccskili@gmail.com