උතුරු පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද 18 වන උතුරු පළාත් ක්‍රීඩා උළෙල යාපනයේ දුරෙයිඅප්පා ක්‍රීඩාංගණයේදී දින දෙකක් පුරා පැවති අතර ඊයේ (20.09.2026) ඉරිදා සාර්ථකව අවසන් විය.
ගරු ධීවර, ජලජ විද්‍යා හා සාගර සම්පත් අමාත්‍ය ඊ. චන්ද්‍රසේකර් මහතා ක්‍රීඩා උළෙලේ අවසන් දිනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ කණ්ඩායම්වලට ත්‍යාග ප්‍රදානය කළේය.
උතුරු පළාතේ දිස්ත්‍රික්ක පහෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන් විවිධ තරඟ සඳහා සහභාගී වී ක්‍රීඩා උළෙලේදී ඔවුන්ගේ දක්ෂතා ප්‍රදර්ශනය කළහ.
තරඟවල සමස්ත ප්‍රතිඵල මත පදනම්ව, යාපනය දිස්ත්‍රික්කය පළමු ස්ථානය, වවුනියාව දිස්ත්‍රික්කය දෙවන ස්ථානය සහ මන්නාරම දිස්ත්‍රික්කය තෙවන ස්ථානය ලබා ගත්හ.
මෙම අවස්ථාවට උතුරු පළාත් ප්‍රධාන ලේකම් තනුජා මුරුගේසන් මහත්මිය, උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්. පැට්‍රික් ඩිරන්ජන් මහතා සහ උතුරු පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කේ. ඒකාන්තන් යන මහත්වරු ද සහභාගී වූහ.





