උතුරු පළාතේ පුස්තකාල සේවා කාර්යාංශයක් ස්ථාපිත කිරීම සඳහා වන කටයුතු කඩිනම් කිරීමේ අරමුණින්, ඒ සඳහා සකස් කර ඇති කෙටුම්පත අධ්‍යයනය කර මාස දෙකක් ඇතුළත එම කටයුතු අවසන් කර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායකන් මහතා උපදෙස් ලබා දී ඇත.
උතුරු පළාතේ පුස්තකාල සේවා කාර්යාංශයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන අඛණ්ඩ සාකච්ඡාවේ තවත් අදියරක් අද (22.09.2026) අඟහරුවාදා පැවැත්විණි. මෙහිදී පුස්තකාල සේවා කාර්යාංශය ස්ථාපිත කිරීම සඳහා සකස් කර ඇති වත්මන් කෙටුම්පත පිළිබඳව පුළුල් ලෙස අධ්‍යයනය කළ අතර, එය තවදුරටත් සංශෝධනය කර විධිමත් කිරීම සඳහා පස් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කරන ලදී.
අදාළ කමිටුව විසින් උතුරු පළාතට ගැළපෙන පුස්තකාල සේවා කාර්යාංශයක් සඳහා අවශ්‍ය ව්‍යුහය, ක්‍රියාකාරී ක්‍රමවේදය සහ අවශ්‍ය නියාමන විධිවිධාන පිළිබඳව අධ්‍යයනය කර, මාස දෙකක් ඇතුළත සිය කටයුතු අවසන් කර වාර්තාව ඉදිරිපත් කරන ලෙස ආණ්ඩුකාරවරයා උපදෙස් ලබා දී ඇත.
මෙහිදී ශ්‍රී ලංකාවේ අනෙකුත් පළාත්වල ස්ථාපිත කර ඇති පුස්තකාල සේවා කාර්යාංශවලට අදාළ ප්‍රඥප්ති ද පුළුල් ලෙස අධ්‍යයනය කරන ලදී. එම කාර්යාංශයන්හි අනුගමනය කරනු ලබන පරිපාලන හා ක්‍රියාකාරී විධිවිධාන සලකා බලා, උතුරු පළාතේ අවශ්‍යතා සහ තත්ත්වයන්ට ගැළපෙන පරිදි අදාළ විධිවිධාන ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරිණි.
උතුරු පළාතේ පුස්තකාල සේවා කාර්යාංශයක් ස්ථාපිත කිරීමේ යෝජනාව සම්බන්ධයෙන්, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ නියෝජිතයන් විසින් මීට මාස කිහිපයකට පෙර උතුරු පළාතේ පළාත් මට්ටමේ පුස්තකාල සේවා කාර්යාංශයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ආණ්ඩුකාරවරයා දැනුවත් කර තිබිණි. ශ්‍රී ලංකාවේ ඇතැම් පළාත්වල මෙවැනි කාර්යාංශ දැනටමත් ක්‍රියාත්මක වන අතර, ඒවා යටතේ දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ද පුස්තකාල සේවා සම්බන්ධීකරණය කරනු ලබන බව එහිදී පැහැදිලි කර තිබිණි.
අද පැවති සාකච්ඡාව සඳහා උතුරු පළාත් ආණ්ඩුකාරවරතුමාගේ ලේකම්, උතුරු පළාත් පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්, යාපනය මහ නගර සභාවේ කොමසාරිස්, පළාත් පාලන කොමසාරිස් – ප්‍රධාන කාර්යාලය, යාපනය පළාත් පාලන සහකාර කොමසාරිස්, පුස්තකාල පදනමේ ප්‍රධාන විධායක නිලධාරී, යාපනය විශ්වවිද්‍යාලයේ පුස්තකාලයාධිපති සහ වවුනියා විශ්වවිද්‍යාලයේ පුස්තකාලයාධිපති යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.




