උතුරු පළාතට පෙර වසරවලට සාපේක්ෂව 3 ගුණයක අරමුදල් වෙන් කර ඇත. අරමුදල් කඩිනමින් හා කාර්යක්ෂමව වියදම් කළ යුතුය. – ගරු ආණ්ඩුකාර
උතුරු පළාතේ ගරු ආණ්ඩුකාරතුමා සහ යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති එන්. වේදනායකන් මහතා ප්‍රකාශ කළේ උතුරු පළාතේ ඇතැම් කර්මාන්තවල පුරප්පාඩු වූ තාක්ෂණික නිලධාරීන් සහ අනෙක් කාර්යමණ්ඩලවල පුරප්පාඩු පිරවීම සඳහා ඊයේ අනුමැතිය ලැබුණු බවත් ඒය කඩිනමින් පුරවන බවත්ය. යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අද බ්‍රහස්පතින්දා (2025.07.17) උදෑසන යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ධීවර, ජලජ සම්පත් සහ […]
