අද (2026.10.27) කිලිනොච්චියේ පැවති ජාතික ඵලදායිතා සම්මාන උළෙලට ගරු නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අභයසිංහ සහ උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වෙතනායගන් මහතා සහභාගී වූහ. උත්සවයේ ප්‍රධාන විශේෂත්වය වූයේ වසර 20 ක් පමණ සිංහල භාෂාවෙන් පමණක් ගායනා කරන ලද ජාතික ඵලදායිතා ගීය මෙම උත්සවයේදී ප්‍රථම වරට දෙමළ භාෂාවෙන් ගායනා කිරීමයි.
2025/2026 වර්ෂය සඳහා ජාතික ඵලදායිතා තරඟය සඳහා රට පුරා තෝරාගත් සමාගම් 1,169 න්, උතුරු, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලින් සමාගම් 247 ක් අද උත්සවයේදී විශේෂ කුසලතා සහ කුසලතා සම්මාන ලබා ගත්හ. මෙයින් උතුරු පළාත් සභාව යටතේ ක්‍රියාත්මක වන අායතන 45 ක් විශේෂ කුසලතා සම්මාන දිනා ගත් අතර අායතන 54 ක් කුසලතා සම්මාන දිනා ගත්හ.
ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද මෙම අවස්ථාවට ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ ජනරාල්, උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම්, කිලිනොච්චි, මුලතිව්, යාපනය සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල ලේකම්වරුන් ඇතුළු රජයේ උසස් නිලධාරීන් රැසක් සහභාගී වූහ.







