උතුරු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට නව සභාපතිවරයෙකු පත් කරන ලදී.
උතුරු පළාත් ගරු ආණ්ඩුකාර එන්. වේදනායකන් මහතා විසින් උතුරු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා ලෙස ඉංජිනේරු එස්. විමලේෂ්වරන් මහතා පත් කර ඇත. පත්වීමේ ලිපිය අද (2026.01.14) බදාදා ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී ඔහුට පිළිගැන්වීය. ආණ්ඩුකාර ලේකම් එස්. සත්‍යසීලන් මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය. 2026.01.19 දින සිට බලපැවැත්වෙන පරිදි ඔහුගේ පත්වීම සිදු කර ඇත.
උතුරු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට නව සභාපතිවරයෙකු පත් කරන ලදී. Read More »
