උතුරු පළාතේ සමුද්‍ර සම්පත් උපයෝගී කරගනිමින් සිදු කරනු ලබන නව සංචාරක කටයුතු ආරම්භ කිරීම ජාත්‍යන්තර පරිමාණයෙන් සංචාරකයින් ආකර්ෂණය කර ගනු ඇතැයි උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතා පැවසීය. ‘එල්ලාලන් සංචාරක අායතනයේ’ විසින් අද (2026.10.25) යාපනය බොක්කෙහි පැවති විශේෂ බෝට්ටු චාරිකාව සහ සමුද්‍ර ක්‍රීඩාවලට ඍජුවම
සහභාගී වී අත්දැකීම් ලබා ගැනීමෙන් පසුව එතුමා මෙම ප්‍රකාශය කළේය.
උතුරු පළාතේ සංචාරක ව්‍යාපාරය මෙතෙක් දර්ශන නැරඹීමට පමණක් සීමා වී ඇති අතර, එවැනි ක්‍රියාකාරකම් සංචාරක ක්ෂේත්රයට නව මානයක් නිර්මාණය කරනු ඇති බව ගරු ආණ්ඩුකාරතුමා පෙන්වා දුන්නේය. දේශීය ආයෝජකයින්ගේ එවැනි උත්සාහයන් ප්‍රශංසනීය බව ද ඔහු පැවසීය. සාම්ප්‍රදායික ධීවර අත්දැකීම්, මුහුදු පිපිඤ්ඤා වගා ගොවිපල, බනානා බෝට්ටු සවාරිය සහ සමුද්‍ර පරිසර ආහාර ඇතුළු විවිධ අත්දැකීම් ලබා දෙන සමාගම ධීවර ප්‍රජාවේ ජීවනෝපාය වැඩිදියුණු කිරීමට ද කටයුතු කරන බව වාර්තා විය.
උතුරු පළාතේ සමුද්‍රීය සංචාරක විභවය පෞද්ගලිකව ගවේෂණය කිරීම අරමුණු කරගත් මෙම පුරෝගාමී චාරිකාවට උතුරු පළාත් ප්‍රධාන ලේකම්, ආණ්ඩුකාර ලේකම්, රේඛීය අමාත්‍යාංශ ලේකම්වරුන් සහ සංචාරක කාර්යාංශයේ ප්‍රධානියා ඇතුළු පිරිසක් සහභාගී වූහ.





