ව්‍යසනයෙන් හානියට පත් මාර්ග නිරීක්ෂණය කළ ගරු ආණ්ඩුකාරතුමා එන්. වෙතනායගන් මහතා, ජනතාවගේ සාමාන්‍ය ජීවිතය ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා, අවම වශයෙන් තාවකාලිකව හෝ හානියට පත් මාර්ග වහාම අලුත්වැඩියා කරන ලෙස උපදෙස් දී තිබේ
උතුරු පළාතේ ඇති වූ අයහපත් කාලගුණික ව්‍යසනය හේතුවෙන් දැඩි ලෙස බලපෑමට ලක් වූ මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන මාර්ග 7ක් තාවකාලිකව අලුත්වැඩියා කර මහජන භාවිතය සඳහා විවෘත කර ඇති බව උතුරු පළාත් මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඉංජිනේරු අභිරාමි විද්‍යාපරන් මහත්මිය පැවසුවාය. උතුරු පළාතේ ව්‍යසනයෙන් පීඩාවට පත් මාර්ග පරීක්ෂා කළ ගරු උතුරු පළාත් ආණ්ඩුකාරතුමා එන්. වෙතනායගන් […]
