අපේ ජනතාවගේ ආර්ථික සංවර්ධනය ඉහළ නැංවීමට සහ රැකියා අවස්ථා සහතික කිරීමට ලෝක බැංකුවේ පළමු අදියරේ සංවර්ධන කටයුතු සඳහා තෝරාගෙන ඇති යාපනය බලකොටුව සහ ගුරුනගර් ධීවර වරාය ව්‍යාපෘති විශාල දායකත්වයක් ලබා දෙනු ඇතැයි උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායගම් මහතා ප්‍රකාශ කළේය.
ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපීය උප සභාපති ජොහැන්නස් සූට් (Johannes Zutt) මහතා ඇතුළු ඉහළ පෙළේ නියෝජිත පිරිස සහ උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු නිලධාරීන් අතර විශේෂ හමුවක් අද සිකුරාදා (13.03.2026) ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
මෙහිදී අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා, උතුරු සහ නැගෙනහිර පළාත්වල සංවර්ධනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙස ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලෝක බැංකුවට උපදෙස් දී ඇති බව සඳහන් කළේය. ඒ අනුව එම පළාත් දෙකේ ක්‍රියාත්මක කළ යුතු ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති හඳුනාගෙන ඇත. උතුරු පළාතේ පළමු අදියරේ සංවර්ධනය සඳහා තෝරාගෙන ඇති ප්‍රධාන ස්ථාන දෙක ලෝක බැංකු නියෝජිත පිරිස මේ වන විට නිරීක්ෂණය කර තිබේ.
යාපනය බලකොටුව යනු සංචාරකයින් විශාල වශයෙන් පැමිණෙන ස්ථානයකි. එහෙත් එහි පැමිණෙන සංචාරකයින් තවදුරටත් ආකර්ෂණය කර ගැනීමට අවශ්‍ය යටිතල පහසුකම් ප්‍රමාණවත් මට්ටමක නැත. ඒවා කඩිනමින් සංවර්ධනය කළ යුතුය.
එමෙන්ම පළාත් ආර්ථිකයේ වැදගත් කාර්යභාරයක් ඉටු කරන ධීවරයින්ගේ ජීවනෝපාය නංවාලීම සඳහා ගුරුනගර් ධීවර වරායද නවීන අයුරින් සංවර්ධනය කළ යුතුය.
මීට අමතරව, අප පළාත වෙනුවෙන් ප්‍රමුඛතාව ලබා දී ඇති සෙසු වැදගත් ව්‍යාපෘති ලෝක බැංකුවේ දෙවන අදියරේ ව්‍යාපෘතිවලට ඇතුළත් කරන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.
මෙහිදී අදහස් දැක්වූ ලෝක බැංකුවේ දකුණු ආසියානු උප සභාපති ජොහැන්නස් සූට් මහතා කියා සිටියේ, ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සහ නව රැකියා අවස්ථා උත්පාදනය කෙරෙහි ලෝක බැංකුව මේ වන විට දැඩි අවධානයක් යොමු කර ඇති බවයි.
සිය මෙම ක්ෂේත්‍ර චාරිකාවේදී උතුරු පළාතේ පවතින සම්පත් සහ අවස්ථා පිළිබඳව සෘජුවම දැකබලා ගැනීමට හැකි වූ බවද ඔහු පැවසීය.
ශ්‍රී ලංකාව සඳහා ලෝක බැංකු ආධාර ප්‍රධාන ක්ෂේත්‍ර 5ක් යටතේ ලබාදීමට නියමිත බව සඳහන් කළ ඒ මහතා, පළමු අදියර සඳහා තෝරාගෙන ඇති මෙම ව්‍යාපෘති සම්බන්ධයෙන් අවසන් තීරණය මේ මස 31 වැනිදා පැවැත්වෙන ලෝක බැංකු කළමනාකාර මණ්ඩල රැස්වීමේදී ගනු ලබන බවද පෙන්වා දුන්නේය.
මෙම විශේෂ සාකච්ඡාව සඳහා උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම්, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (සැලසුම්), යාපනය අතිරේක දිස්ත්‍රික් ලේකම්, උතුරු පළාත් පළාත් පාලන කොමසාරිස්, මාර්ග සංවර්ධන අධිකාරියේ පළාත් අධ්යක්ෂ, නාගරික සංවර්ධන අධිකාරියේ පළාත් අධ්යක්ෂ, යාපනය මහා නගර සභා කොමසාරිස්, යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයාගේ සම්බන්ධීකාරක ඇතුළු පිරිසක් සහභාගී වූහ.





