“සංචාරක කර්මාන්තය නංවාලීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශ ඇතුළු සැමගේ පූර්ණ සහයෝගය අත්‍යවශ්‍යයි. ඔබේ ගැටලු ඕනෑම අවස්ථාවක අප වෙත දන්වන්න පුළුවන්.” – ගරු ආණ්ඩුකාර නා. වේදනායගන් මහතා පවසයි.
උතුරු පළාතේ සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීමේදී පෞද්ගලික අංශයේ දායකත්වය ඉතා වැදගත් වන බවත්, එම ක්ෂේත්‍රය නංවාලීම සඳහා පෞද්ගලික අංශයට අවශ්‍ය සියලු පහසුකම් රජය විසින් ලබාදෙන බවත් උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායගන් මහතා ප්‍රකාශ කළේය. යාපනය දිස්ත්‍රික්කයේ සංචාරක ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන් සමඟ අද බදාදා (11.03.2026) පෙරවරුවේ යාපනය වලම්පුරි හෝටලයේ පැවැති විශේෂ හමුවකට එක්වෙමින් ආණ්ඩුකාරවරයා මේ බව […]
