උතුරු පළාතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල ප්‍රගතිය අඛණ්ඩව සමාලෝචනය කර, අදාළ කාලය තුළ ව්‍යාපෘති අවසන් කිරීමටත්, රේඛීය අමාත්‍යාංශ මගින් ලබාදෙන අතිරේක ප්‍රතිපාදන කාර්යක්ෂමව භාවිත කිරීමටත්, තාක්ෂණික කාර්ය මණ්ඩල හිඟය ඇතුළු ප්‍රායෝගික අභියෝග සඳහා ඉක්මන් විසඳුම් ලබාදීමටත් කටයුතු කළ යුතු බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායකන් මහතා අවධාරණය කළේය.
උතුරු පළාත් ආණ්ඩුකාරවරයා සහ උතුරු පළාත් ප්‍රධාන ලේකම්, අමාත්‍යාංශ ලේකම්වරුන්, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් අතර සාකච්ඡාවක් 2026.09.01 අඟහරුවාදා ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
මෙම සාකච්ඡාවේදී පළාත් සභාව විසින් අතීතයේදී ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති පිළිබඳ වාර්තාවක් සකස් කිරීම, මෙ වසරේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ ඒවා නියමිත කාල සීමාව තුළ අවසන් කිරීමට අවශ්‍ය පියවර ගැනීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
එසේම, රේඛීය අමාත්‍යාංශ මගින් පළාතට වෙන්කරනු ලබන අතිරේක ප්‍රතිපාදන අදාළ අරමුණු සඳහා කාර්යක්ෂමව භාවිත කිරීමට අවශ්‍ය කටයුතු යෙදීම පිළිබඳවද අවධානය යොමු විය. ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී මතුවන තාක්ෂණික කාර්ය මණ්ඩල හිඟය ඇතුළු මානව සම්පත් සහ ප්‍රායෝගික අභියෝග හඳුනාගෙන ඒ සඳහා අවශ්‍ය විසඳුම් ඉක්මනින් ලබාදීමේ අවශ්‍යතාවද මෙහිදී අවධාරණය කෙරිණි.
මීට අමතරව, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් – ක්‍රමසම්පාදන යටතේ සේවය කරන ක්ෂේත්‍ර සංවර්ධන නිලධාරීන්ගේ සේවා ස්ථාන සහ ඔවුන්ගේ රාජකාරි වඩාත් විධිමත් කිරීම පිළිබඳවද සාකච්ඡා විය. ක්ෂේත්‍ර මට්ටමේ සංවර්ධන කටයුතු ශක්තිමත් කිරීමටත්, ව්‍යාපෘති නිරීක්ෂණය සහ ක්‍රියාත්මක කිරීම ඉහළ නැංවීමටත් අවශ්‍ය කටයුතු පිළිබඳව අදහස් හුවමාරු කර ගන්නා ලදී.
මෙම සාකච්ඡාව සඳහා උතුරු පළාත් ප්‍රධාන ලේකම්, උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම්, අමාත්‍යාංශ ලේකම්වරුන්, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන්, පළාත් අධ්‍යක්ෂවරුන් සහ කොමසාරිස්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.



