‘උතුරු ගෝල්ඩන් වොයිස්’ – සංගීත තරඟයේ වයස් සීමාව 30 දක්වා වැඩි ෙකරේ

උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ මඟ පෙන්වීම යටතේ ‘2019 ගෝල්ඩන් වොයිස්’ – සංගීත තරගය ආණ්ඩුකාර ලේකම් කාර්යාලය සහ පළාත් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සමඟ එක්ව පැවැත්වීමට සංවිධානය කර අැත.

සංගීත ක්‍ෂේත්‍රය තුළ ජයග්‍රහණය ලබා ගැනීමට අපේක්‍ෂා කරන උතුරු පළාතේ තරුණ තරුණියන්ගේ ඉල්ලීම පරිදි තරගය සඳහා අයදුම් කරන වයස් සීමාව 30 දක්වා වැඩි කර තිබේ. එ් අනුව වයස අවුරුදු 15 ත් 30 ත් අතර තරුණ තරුණියන්ට මෙම තරඟයට සහභාගී විය හැකිය.

සම්භාව්‍ය සංගීතය, තනු හා ජන ගී ඇතුළත් දෙමළ සංස්කෘතිය පදනම් කරගෙන මෙම තරගය පැවැත්වෙන අතර මෙම තරඟයට සහභාගී වීමට කැමති අය අයදුම්පත් 2019 සැප්තැම්බර් 30 දිනට පෙර එවන ලෙස ඉල්ලා සිටියි. අයදුම්පත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයෙන් සහ උතුරු පළාත් සභා වෙබ් අඩවියෙන් (https://np.gov.lk) ලබා ගත හැකිය.

නිසි පරිදි පුරවන ලද අයදුම්පත් “උතුරු ගෝල්ඩන් වොයිස්”, ආණ්ඩුකාර ලේකම් කාර්යාලය, උතුරු පළාත, චුන්දිකුලි, යාපනය වෙත යැවිය යුතුය. වැඩි විස්තර සඳහා දුරකථන අංකය: 021 221 9375, ෆැක්ස් අංකය: 021 221 9374 හා pronpgovernor@gmail.com  යන විද්‍යුත් ලිපිනයෙන් විමසිය හැකිය.