මූලික පහසුකම් නොමැතිකම නිසා ගම්මාන අත්හැර ජනතාව වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය නොවන පරිදි ඔවුන්ගේ උපන් ගම්මාන සංවර්ධනය කළ යුතුයි – ගරු ආණ්ඩුකාරතුමා
“ඕනෑම පසුගාමී ගම්මානයක වුවද එහි වෙසෙන ජනතාව වෙත අධ්‍යාපනික සහ සෞඛ්‍ය සේවාවන් කිසිදු බාධාවකින් තොරව ගලා යාම සහතික කිරීම සඳහා වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් රජය දැඩි උනන්දුවක් දක්වයි. ඒ අනුව, ඉරණයි ඉලුප්පෛකුලම් ප්‍රාථමික සෞඛ්‍ය සත්කාරක මධ්‍යස්ථානය ඉදිරි කාලයේදී වැඩිදියුණු කළ පහසුකම් සහිතව ශ්‍රේණිගත කිරීම (Upgrade) කෙරෙහි අවධානය යොමු කළ හැකි බව” […]
