පුහුණු සම්මන්ත්‍රණවලින් බැහැරව මෙහෙයුම් වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමියගෙන් උපදෙස්.
ඉදිරියේදී පුහුණු සම්මන්ත්‍රණ පැවැත්වීමෙන් වළකින ලෙසත්, මෙතෙක් ලබා දී ඇති පුහුණුවෙන් එම වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසත් උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මිය පවසා සිටියාය. ආණ්ඩුකාරතුමිය මේ බව කියා සිටියේ උතුරු පළාතේ ක්‍රියාත්මක රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන් සහ උතුරු පළාතේ අමාත්‍යංශ ලේකම්වරුන් සමඟ උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලයේදී ඊයේ (2024.01.31) දින විශේෂ සාකච්ඡාවක් පැවති අවස්ථාවේදීය. […]