
දීපවාලි උත්සවය නිමිත්තෙන්, උතුරු පළාතේ සියලුම දෙමළ පාසල් සඳහා නොවැම්බර් 9 වන සඳුදා, ඊට පසු දින විශේෂ නිවාඩුවක් ලබා දෙන බව උතුරු පළාතේ ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතා නිවේදනය කර ඇත.
මෙම විශේෂ නිවාඩුව වෙනුවට, නොවැම්බර් 14 වන දින සෙනසුරාදා විකල්ප පාසල් දින පවත්වනු ලැබේ.
මේ අතර, උතුරු පළාතේ සිංහල සහ මුස්ලිම් පාසල් නොවැම්බර් 9 වන දින සුපුරුදු පරිදි ක්රියාත්මක වන බව ගරු ආණ්ඩුකාරතුමා ප්රකාශ කළේය.
