උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමියගේ ප්‍රධානත්වයෙන් යාපනය අමාත්‍ය මන්දිරය ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳව පැවති සාකච්ඡාව

යාපනය, පේදුරු තුඩුව පාරේ චත්තනාතර් කෝවිල අසල පිහිටි පැරණි අමාත්‍ය මන්දිරය (මන්ත්‍රී මනෙයි) ප්‍රතිසංස්කරණයට අදාළ සාකච්ඡාවක් උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.  චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.  උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ.  සිවඥානම්, උතුරු පළාත් සංචාරක කාර්යාංශයේ නිලධාරීන්, යාපනය මහනගර සභා කොමසාරිස්, පළාත් පාලන දෙපාර්තමේන්තු නිලධාරීන්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් විය.

යාපනය රාජ්‍ය පාලන යුගයට අයත් යැයි සැලකෙන අමාත්‍ය මන්දිරය, ආරක්ෂා කළ යුතු පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස 2011 වසරේ ගැසට් කරන ලදී.  කෙසේ වෙතත්, මෙය පිහිටි ඉඩම මුට් භාරයට අයත් බව සොයාගෙන ඇත.  මෙය ප්‍රතිසංස්කරණය සඳහා  සාකච්ඡා වට කිහිපයක් පැවැත්විණි.  එහෙත් එම සාකච්ඡාවේදී නිසි තීන්දු තීරණ නොගැනීම හේතුවෙන් ප්‍රමාදයක් ඇති විය.

මෙහිදී උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමියගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ සාකච්ඡාවේදී යම් යම් කොන්දේසි වලට යටත්ව මෙය ප්‍රතිසංස්කරණය කර ආරක්ෂා කිරීමට එකඟ වී ඇත.  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘති යෝජනාවට අනුව දෙපාර්තමේන්තුවේ අධීක්‍ෂණය යටතේ ප්‍රතිසංස්කරණය කිරීමට එකඟ වී ඇත.  යාපනය – කිලිනොච්චි ප්‍රාදේශීය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හරහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ඉල්ලීම් ලිපියක් යවා ඇත්තේ මෙම අනුකූලතාව සඳහා සුදුසු පියවර ගන්නා ලෙසයි.