සිසුන්ට පහරදී හිරිහැර කිරීමට ගුරුවරුන්ට කිසිවිටේකත් ඉඩ දිය නොහැකියි – උතුරු පළාත් ආණ්ඩුකාර තුමියගෙන් නිවේදනයක්

අධ්‍යාපනය ලබා දෙමින්  සිසු දරු දැරියන් පොහොසත් කළ යුතු  ගුරුවරුන් සිසුන්ට පහර දී අපයෝජනය කර රෝහල්වලට ඇතුළත් කිරීමේ සිදුවීම් මෑත කාලයේ වැඩි විය.  පසුගිය මාස කිහිපය තුළ ආණ්ඩුකාර ලේකම් කාර්යාලය විසින් මෙලෙස ක්‍රියා කළ ගුරුවරුන් පිළිබඳව විමර්ශනය කර පසුව ඔවුන් සේවයෙන් පහ කර ඇත.

ඊයේ වාර්තා වූ සිද්ධීන් තුන සම්බන්ධයෙන් ගරු ආණ්ඩුකාර තුමිය ගේ උපදෙස් පරිදි කඩිනම් පරීක්ෂණ ආරම්භ කර ඇත..

ඉගෙනීමේ දුෂ්කරතාවලට මුහුණ දෙන සිසුන් සඳහා අධ්‍යාපන උපාය මාර්ග සොයා ගත යුතු අතර ඔවුන් ඉගෙනීමෙහි යෙදවිය යුතු ආකාරය

ඒ සඳහා ගුරුවරුන් සඳහා විශේෂ පුහුණුවීම්,  රජයෙන් ලබා දෙන අතර මාසික දීමනාවක් ද ලබා දෙයි.

නමුත් ඇතැම් ගුරුවරුන් සිසුන්ගේ තත්ත්වය නොදැන ඔවුන්ට පහරදී හිරිහැර කරනවා.  එබැවින් වාර්තා වන මෙම සිද්ධීන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.  මින් ඉදිරියට මෙවැනි සිදුවීම් ඇති නොවීමට පාසල් විදුහල්පතිවරුන් ගුරුවරුන් තම වගකීම් අවබෝධ කරගෙන තම රාජකාරිය කළ යුතුයි.  වගකීම් විරහිතව ක්‍රියා කරන විදුහල්පතිවරයාට සහ ගුරුවරුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය පවසයි.