ආණ්ඩුකාරවර(Governor)

යාපනය දිස්ත්‍රික්කයේ අධ්‍යාපන, ආර්ථික, සාමාජික සහ සංස්කෘතික යන අංශවල සංවර්ධනය උදෙසා සිවිල් සංවිධානවල සහාය

යාපනය දිස්ත්‍රික්කයේ ජනතාවගේ ආර්ථික සහ ජීවන තත්ත්වය නංවාලීම, සඳහා දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවීම සහ පාසල් තුළ භෞතික සහ මානව සම්පත් නංවාලීම මෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ජාතීන් අතර එකමුතුකම සහ සහජීවනය ගොඩනැඟීම කෘෂිකාර්මික සංවර්ධනය වාරිමාර්ග ව්‍යාපෘති මෙන්ම සූර්ය බලශක්තිය මගින් ජනතාවට විදුලි සැපයීම ඇතුළුවිවිධ ක්ෂේත්‍රයන් පිළිබඳ ඉදිරි සංවර්ධන වැඩසටහන් සඳහා සිවිල් ප්‍රජාවගේ පූර්ණ […]

යාපනය දිස්ත්‍රික්කයේ අධ්‍යාපන, ආර්ථික, සාමාජික සහ සංස්කෘතික යන අංශවල සංවර්ධනය උදෙසා සිවිල් සංවිධානවල සහාය Read More »

යාපනය දිස්ත්‍රීක් සංවර්ධන කමිටු රැස්වීම දිස්ත්‍රීක් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී පැවත්වුණි.

අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා සහ උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (27) පැවති සංවර්ධ කමිටු රැස්වීම සඳහා මහජන නියෝජිතයින් , රජයේ ආයතන ප්‍රධානීන් , සිවිල් සංවිධාන නියේජිතයින් ඇතුලු පිරිසක් එක්විය. යාපනය දිස්ත්‍රීක්කයේ පොදු යටිතල පහසුකම් සංවර්ධනය රජය ක්‍රියාත්මක කිරීමට අපේකෂා කරන සෙසු සංවර්ධන වැඩසටහන් සහ ජනතාවට බලපාන පොදු ගැටලු පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන්

යාපනය දිස්ත්‍රීක් සංවර්ධන කමිටු රැස්වීම දිස්ත්‍රීක් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී පැවත්වුණි. Read More »

පලාත් සභා ප්‍රගතිසමාලෝචන රැස්වීම අරලියගහ මන්දිරයේදී

2023 වර්ෂයේ පලාත් සභාවල සහ පලාත්පාලන ආයතනවල ප්‍රගතිසමාලෝචන් පිළිබඳ රැස්වීමක් ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ (26) දින පැවත්වුණි. පලාත් ගරු ආණ්ඩුකාර වරුන් සහ ප්‍රධාන ලේකම්වරුන් මෙම සාකච්ඡාවට එක්විය. ඩිජිටල්කරණය ආදායම් එකතුකිරීමට යොදාගැනීම , විදුලිබිල අවම කිරීමට සූර්ය බලශක්තිය යොදාගැනීමත් උසාවි දඩ සහ මුද්දර ආදායම් පලාත් පාලන ආයතනවල කටයුතු සඳහා යොදාගැනීම ස්ථානගත

පලාත් සභා ප්‍රගතිසමාලෝචන රැස්වීම අරලියගහ මන්දිරයේදී Read More »

ප්‍රංශ තානාපතිවරයා යාපනයේ සංචාරයක නිරතවෙමින් උතුරු ආණ්ඩුකාරතුමිය හමුවෙයි

උතුරු පලාතේ යටිතල පහසුකම් හා පොදු සංවර්ධන කටයුතු සඳහා ප්‍රංශ රජයේ පූර්ණ සහය ලබාදෙන බව ශ්‍රීලංකාවේ ප්‍රංශ තානාපති ජීන් ෆ්‍රැන්කොයිස් පැක්ටට් (jean francois pactet) මහතා පවසයි. උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලයේදී අද (27) ආණ්ඩුකාරවර පී.එස්.එම්. චාල්ස් මහත්මිය හමු වූ අවස්ථාවේදී ඔහු මේ බව පැවසීය. වර්ථමානය වන විට උතුරු පලාතේ ජනතාව සහජීවනයෙන් යුක්තව සිය ජීවන වෘත්තීන්වල නියලීම පිළිබඳව තමා

ප්‍රංශ තානාපතිවරයා යාපනයේ සංචාරයක නිරතවෙමින් උතුරු ආණ්ඩුකාරතුමිය හමුවෙයි Read More »

නිවාස අහිමි උතුරු පලාතේ පවුල් 25,000 ක් සඳහා ස්ථීර නිවාස ඉදිකරදීමට ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙසින් කඩිනම් පියවර.

උතුරු පලාතේ ස්ථීර නිවාස අහිමි අඩුආදායම්ලාබී පවුල් සඳහා ස්ථීර නිවාස 25,000 ක් ඉදිකර එම ජනතාව වෙත ලබාදී උතුරු පලාතේ නිවාස ගැටලු විසඳීමට ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙසින් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක වන බව උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය පවසයි. ඒ අනුව වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය, මුලතිව් සහ යාපනය යන දිස්ත්‍රීක්කයන්හි අඩු ආදායම්ලාබී ස්ථීර නිවාස අහිමි

නිවාස අහිමි උතුරු පලාතේ පවුල් 25,000 ක් සඳහා ස්ථීර නිවාස ඉදිකරදීමට ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙසින් කඩිනම් පියවර. Read More »

ලෝක බැංකුවේ ශ්‍රිලංකා අධ්‍යක්ෂක ඇතුලු නියෝජිත පිරිසක් උතුරු ආණ්ඩුකාරතුමිය හමුවී විශේෂ සාකච්ඡාවක්

ශ්‍රීලංකාවේ වර්ථමාන ආර්ථික සහ සමාජ තත්වය පිළිබඳව බෙහෙවින් සතුටුවන බවත් ජනාධිපතිතුමන් ශ්‍රීලංකාවේ ජනතාවගේ ජනජීවිතය නගාසිටුවීමට ගෙන ඇති සාධනීය පියවරයන් ලෝක බැංකුවේ පැසසුමට ලක්වන බවත් ලෝකබැංකුවේ ශ්‍රීලංකා මාලදිවයින් සහ නේපාල් අධ්‍යක්ෂක ෆාරිස් හැඩාඩ් සර්වස් (faris hadad zervos) පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශකලේ උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම් චාල්ස් මහත්මිය අද (21) යාපනය ආණ්ඩුකාර කාර්යාලයේදී හමු වූ

ලෝක බැංකුවේ ශ්‍රිලංකා අධ්‍යක්ෂක ඇතුලු නියෝජිත පිරිසක් උතුරු ආණ්ඩුකාරතුමිය හමුවී විශේෂ සාකච්ඡාවක් Read More »

වව්නියාව විශ්වවිද්‍යාලයේ තරුණ නායකත්ව ඩිප්ලෝමාධාරීන්ට සහතිකපත් ප්‍රධානෝත්සවය උතුරු පලාත් ආණ්ඩුකාරතුමිය ප්‍රධානත්වයෙන්

වව්නියාව විශ්වවිද්‍යාලයේ තරුණ නායකත්ව ඩිප්ලෝමා පුහුණු පාඨමාලාව සාර්ථකව නිමකල තරුණ තරුණියන් 307 දෙනෙකු සඳහා සහතිකපත් ප්‍රධානය කිරීම උත්සව අවස්ථාව අද (08) උථුරුපලාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් වව්නියාව විශ්වවිද්‍යාලයේදී සිදුවිය. වව්නියාව විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පීඨය මගින් මෙම පාඨමාලාව සංවිධානය කොට තිබූ අතර මාස 06 ක කාලසීමාවක් පුරා මෙම පුහුණු පාඨමාලව ක්‍රියාත්මක වී තිබුණි. විශ්වවිද්‍යාලය මගින් සංවිධානය

වව්නියාව විශ්වවිද්‍යාලයේ තරුණ නායකත්ව ඩිප්ලෝමාධාරීන්ට සහතිකපත් ප්‍රධානෝත්සවය උතුරු පලාත් ආණ්ඩුකාරතුමිය ප්‍රධානත්වයෙන් Read More »

යාපනය පේදුරුතුඩුව කරවෙඩ්ඩි පොදු වෙළඳ සංකීරණයේ ඉදිකිරීම් උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින ආරම්භ විය.

මෙම ඉදිකිරීම් සඳහා වැයකෙරෙන මුදල රුපියල් මිලියන 35 කි. පේදුරුතුඩුව කරවෙඩ්ඩි ප්‍රදේශය ග්‍රාමීය ජනකොට්ඨාශයක් ජීවත්වන අතර මෙතෙක් තාවකාලික ගොඩනැගිල්ලක් තුල සිය ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යන ලදි. ප්‍රමාණවත් පහසුකම් නොතිබීම හේතුවෙන් ප්‍රදේශයේ නිශ්පාදන අලෙවිකිරීමේ කටයුතුවල නිරත ව්‍යාපාරිකයින් මෙන්ම පාරිභෝගික ජනතාව අපහසුතාවයට පත්විය. නව ව්‍යාපාරික ස්ථානය ආරම්භ කිරීම මගින් ජනතාවට මහගු පිටුවහලක් සැලසෙයි. නව වෙළඳ සංකීරණය ඉදිකිරීම

යාපනය පේදුරුතුඩුව කරවෙඩ්ඩි පොදු වෙළඳ සංකීරණයේ ඉදිකිරීම් උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින ආරම්භ විය. Read More »

උතුරු පලාතේ සංවර්ධනයට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් පූර්ණ සහය ලබාදෙන බව ශ්‍රීලංකා නේවාසික සම්බන්ධිකාරක පවසයි.

උතුරු පලාතේ ජනජීවිතය නගාසිටුවමට සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූරණ සහය ඉදිරියට ලබාදෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රීලංකා නේවාසික සම්බන්ධීකාරක මාරක් අන්ඩ්‍රේ ප්‍රෙන්ච් (mark andre franche) මහතා පවසා සිටියි. වර්ථමානය වන විට උතුරේ ජනතාවගේ ජනජීවිතයේ පැවත්ම සහ ඔවුන්ගේ දෛනික කටයුතු ක්‍රියාත්මක වීම පිළිබඳව තමා සතුටට පත්වන බවද එම ජනතාවගේ ඉදිරි සංවර්ධ සහ

උතුරු පලාතේ සංවර්ධනයට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් පූර්ණ සහය ලබාදෙන බව ශ්‍රීලංකා නේවාසික සම්බන්ධිකාරක පවසයි. Read More »

උතුරුපලාත් 14 වන ක්‍රීඩා උළෙල අභිමානවත් ලෙස යාපනයෙදී ඇරඹේ

උතුරු පලාතේ 14 වන ක්‍රීඩා උළෙල අබිමානවත් ලෙස උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් යාපනය දොරෙයිඅප්පා ක්‍රීඩාංගනයේදී අද (06) පෙරවරුවේ ආරම්භ විය. උතුරු පලාතේ පාසල් 651 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් කොට්ඨාශ හා කලාප ජයග්‍රහන වලින් පසුව පලාත් ක්‍රීඩා ඉසව් සඳහා ඉදිරිපත් වෙයි. වව්නියාව , යාපනය, මුලතිව්, කිලිනොච්චිය සහ මන්නාරම යන දිස්ත්‍රීක්කවලට අයත් අධ්‍යාපන කොට්ඨාශ 35

උතුරුපලාත් 14 වන ක්‍රීඩා උළෙල අභිමානවත් ලෙස යාපනයෙදී ඇරඹේ Read More »