ආණ්ඩුකාරවර(Governor)

උතුරු පළාතේ නිවාස ව්‍යාපෘතිය සඳහා අයදුම්පත් භාර ගැනීමේ කටයුතු අවසන් අදියරට

උතුරු පළාත සඳහා රුපියල් ලක්ෂ 50 බැගින් වූ නොමිලේ සූර්ය බලශක්ති නිවාස ව්‍යාපෘතිය විසිපන්දහසක් (25,000) සඳහා අයදුම්පත් භාර ගැනීමේ කටයුතු අවසන් අදියරට පැමිණ තිබේ. අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි උතුරු පළාතේ ගරු ආණ්ඩුකාර තුමිය හරහා සිදුකිරීමට නියමිත මෙම නිවාස විසිපන්දහස (25,000) ව්‍යාපෘතිය සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශිය ලේකම්වරුන් හරහා අයදුම්පත් භාරගැනීම සිදු කෙරේ. මෙම නිවාස යෝජනා […]

උතුරු පළාතේ නිවාස ව්‍යාපෘතිය සඳහා අයදුම්පත් භාර ගැනීමේ කටයුතු අවසන් අදියරට Read More »

උතුරේ සංවර්ධනය වෙනුවෙන් සහය ලබාදෙන බවට එරික් සෝල්හයිම් පවසයි.

උතුරු පලාතේ සංවර්ධනය වෙනුවෙන් ලබාදිය හැකි උපරිම සහය ලබාදෙන බවට වත්මන් ගරු ජනාධිපති උපදේශකයෙකු වන එරික් සෝල්හයිම් මහතා පැවසීය. එරික් සෝල්හයිම් මහතා මේ බව පවසා සිටියේ උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය හමුවී උතුරේ සංවර්ධනය පිලිබඳව පැවති සාකච්ඡාවක් අතරතුරදීය. මෙම හමුවේදී උතුරු පලාතේ වර්ථමාන තත්වය පිළිබඳව ගරු ආණ්ඩුකාර තුමිය විසින් තොරතුරු පෙන්වා දුන් අතර සංවර්ධන

උතුරේ සංවර්ධනය වෙනුවෙන් සහය ලබාදෙන බවට එරික් සෝල්හයිම් පවසයි. Read More »

පොල්පැල ලක්ෂයක් සිටුවීමේ ව්‍යාපෘතිය උතුරෙන් ඇරඹේ

වැවිලි කර්මාන්ත අමාත්‍යංශය විසින් ආරම්භ කරන ලද පොල් ත්‍රිකෝණය ව්‍යාපෘති වැඩසටහනට සමගාමීව පොල්පැල 25,000 ක් වගාකිරීමේ වැඩසටහන ඊයේ (18) දින කිලිනොච්චිය ඉයක්කච්චි ප්‍රදේශයේදී ආරම්භ විය. උතුරු පලාතේ අක්කර 40,000 ක පොල්පැල ලක්ෂයක් වගාකිරීමට අපෙක්ෂා කෙරෙන අතර රජය විසින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇති උතුරු පලාත් පොල් ත්‍රිකෝණය වැඩසටහන යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙයි. පොල් සංවර්ධන

පොල්පැල ලක්ෂයක් සිටුවීමේ ව්‍යාපෘතිය උතුරෙන් ඇරඹේ Read More »

යුනිෂෙෆ් නියෝජිත පිරිසක් උතුරු ආණ්ඩුකාර තුමිය හමුවෙයි

දරුවන්ගේ දැනුම කුසලතා සංවර්ධනය කරමින් මානව සම්පතේ සහපැවත්ම සහ ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් වෘත්තීය අධ්‍යාපනය ඉහල නැංවීම සඳහා සෘජු මැදිහත්වීමක් ලබාදෙමින් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ පූර්ණ සහය ඉදිරියට ලබාදෙන බවට එක්සත් ජාතීන්ගේ ළමාඅරමුදලේ ශ්‍රීලංකා නේවාසික නියෝජිත ක්‍රිෂ්ටියන් ස්කූග් (Christian Skoog)  මහතා පැවසීය. උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම් චාල්ස් මහත්මිය උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලයේදී වර්ථමානයේ උතුරු පලාතේ පවත්නා දරුවන්ගේ

යුනිෂෙෆ් නියෝජිත පිරිසක් උතුරු ආණ්ඩුකාර තුමිය හමුවෙයි Read More »

ජාතික දීපාවලී උත්සවය වව්නියාවේදී

රාජ්‍ය අනුග්‍රහය ඇතිව ජාතික දීපාවලී උත්සවය ඊයේ (12) දින වව්නියාව කන්දසාමි හින්දු කෝවිල් පරිශ්‍රෙය්දී ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ සහ උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් පැවත්විණි. ජාතික දීපාවලී උත්සවය ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය මගින් සහ වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් සංවිධානය කොට තිබුණි. ඊයේ පස්වරුවේ පැවති මෙම ජාතික

ජාතික දීපාවලී උත්සවය වව්නියාවේදී Read More »

විදෙස් රටවලට අලුතින් පත්වූ තානාපතිවරුන් සහ කොමසාරිස්වරුන් පිරිසක් උතරේ සංචාරයක

උතුරු පළාතේ ජනතාවගේ ජන ජීවිතය නංවාලීම සහ උතුරු පළාත සංවර්ධනය කිරීම සඳහා දීර්ඝ කාලීන සහ කෙටි කාලීන වැඩසටහන් රැසක් වත්මන් රජය යටතේ ක්‍රියාත්මක වන බව උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය ප්‍රකාශ කරයි. ඒ අතර ඒ අතර ස්ථිර නිවාස 25,000ක් උතුරු පළාතේ ඉදිකිරීම සහ සූර්ය බලශක්තිය මගින් විදුලි බලය නිපදවීම ඇතුලු ව්‍යාපෘති ගණනාවක මූලික කටයුතු මේ

විදෙස් රටවලට අලුතින් පත්වූ තානාපතිවරුන් සහ කොමසාරිස්වරුන් පිරිසක් උතරේ සංචාරයක Read More »

උතුරු පලාතේ පාසල් වෙත විදුහල්පති ශ්‍රේණියේ නව විදුහල්පති 401 කට පත්වීම් ප්‍රධානය කරයි

දුහල්පති ශ්‍රේණියට බඳවා ගැනීමේ තරඟ විභාගයෙන් සමත් වු නව විදුහල්පතිවරුන් 401 දෙනෙකුට උතුරු පළාතේ පාසල් වෙත පත් කිරීමට අදාළ පත්වීම් ලිපි ප්රධානය කිරීම අද  (04) යාපනය,කෝපායි පිහිටි ගුරු පුහුණු මධ්‍යස්ථානයේදී සිදුකෙරිණ. උතුරු පළාත් ආණ්ඩුකාර පි.එස්.එම්.චාර්ල්ස් මහත්මියගේ සහ ධීවර කටයුතු අමාත්යට ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වු වැඩසටහනකදී නව විදුහල්පතිවරුන් වෙත පත්වීම් ලිපි ප්‍රධානය කෙරිණ. උතුරු පළාතේ සිංහල, දෙමළ හා මුස්ලිම් පාසල්වල පවතින විදුහල්පති පුරප්පාඩු වෙනුවෙන් නව විදුහල්පතිවරුන් පත්කොට තිබිණ. නව පත්වීම් ලබාදීමත් සමඟ උතුරු පළාතේ පාසල්වල විදුහල්පතිවරුන්ගේ පුරප්පාඩු අවසන් වන බව උතුරු පළාත් අධ්යාපන අමාත්යාංශය පවසයි.        

උතුරු පලාතේ පාසල් වෙත විදුහල්පති ශ්‍රේණියේ නව විදුහල්පති 401 කට පත්වීම් ප්‍රධානය කරයි Read More »

ඉන්දීය මුදල් අමාත්‍යවරිය යාපනයේ සංචාරයක

තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මාලා ශීතාරාමන් මහත්මිය අද (03) යාපනය සංචාරයෙන් පසුව ඉන්දියාව බලා පිටත්ව ගියාය. යාපනයේ නව තාක්ෂණ හා නිපයුම් වෙළඳ ප්‍රදර්ශනය නිරීක්ෂණයට පැමිණි ඉන්දීය මුදල් අමාත්‍යවරිය පිළිගනු ලැබුවේ උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය විසිනි. ඉන් අනතුරුව යාපනය පුස්තකාලය හා නල්ලූර් කෝවිල නිරීක්ෂණය කල ඉන්දීය මුදල් අමාත්‍යවරිය අනතුරුව

ඉන්දීය මුදල් අමාත්‍යවරිය යාපනයේ සංචාරයක Read More »

වව්නියාව දිස්ත්‍රීක් සංවර්ධන විශේෂ සාකච්ඡාව ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්

එකම ගමක් එකම රටක් සංකල්පය යටතේ දිස්ත්‍රීක්ක වශයෙන් සිදුකෙරෙන සංවර්ධන වැඩසටහන් පිළිබඳව 17 වන සාකච්ඡාව වව්නියාව දිස්ත්‍රීක් ලේකම් කාර්යලයේදී ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) පැවත්වුණි. උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය , රාජ්‍ය අමාත්‍ය වරුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම මහජන නියෝජිතයින්ද උතුරු පලාත්සභා ලේකම් වරුන් රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුලු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී

වව්නියාව දිස්ත්‍රීක් සංවර්ධන විශේෂ සාකච්ඡාව ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් Read More »

කිලිනොච්චියේ නීතිවිරෝධී වැලි ජාවාරම් සහ දැව ජාවාරම් නැවත්වීමට පියවර

කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ නීතිවිරෝධීව ක්‍රියාත්මක වන වැලි ජාවාරම් හා වනරක්ෂිත ඉඩම් නීතිවිරෝධීව එලි පෙහෙලි කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත්වීමටත් එම නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධයයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කොට සැකකරුවන් වහාම නීතිය හමුවට ඉදිරිපත් කරන්න පියවර ගන්නා ලෙසට අද පැවති කිලිනොච්චිය දිස්ත්‍රීක් සංවර්ධන කමිටු රැස්වීමේදී ආරක්ෂක අංශ වෙතට දැනුම් දෙන ලදි. උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මියගේ සහ

කිලිනොච්චියේ නීතිවිරෝධී වැලි ජාවාරම් සහ දැව ජාවාරම් නැවත්වීමට පියවර Read More »