ජපාන අන්තර්ජාතික සහයෝගිතා ආයතනයේ ප්‍රධාන නියෝජිතයා සහ උතුරු ආණ්ඩුකාරවරයා අතර හමුවක් පැවැත්විණි.
උතුරු පළාතේ සෞඛ්‍ය අංශයේ සංවර්ධනය සහ අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රියාකාරකම් සඳහා ජපාන අන්තර්ජාතික සහයෝගිතා ආයතනය (JICA) තම සහයෝගය ලබා දෙන ලෙස උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායකන් මහතා ඉල්ලීමක් කළේය. ශ්‍රී ලංකාවේ ජපාන අන්තර්ජාතික සහයෝගිතා ආයතනයේ ප්‍රධාන නියෝජිත (Country Director) කෙන්ජි කුරොනුමා මහතා සහ උතුරු පළාත් ආණ්ඩුකාරවරයා අතර හමුව, ආණ්ඩුකාර කාර්යාලයේ අද බදාදා (21.01.2026) සවස පැවැත්විණි. […]
