රාජකීය ලංකා නාවික හමුදාවේ හිටපු ගෞරවනීය සාමාජිකයෙකු වූ එම්.කනගරත්නම් මහතාගේ මතකය සැමරීම සඳහා පිහිටුවන ලද එම්.කනගරත්නම් අනුස්මරණ බස් නැවතුම්පොළ අද (2026.08.25) අඟහරුවාදා කන්කසන්තුරෙයි මාර්ගයේ මරුදනාර්මඩම් හිදී නිල වශයෙන් විවෘත කරන ලදී.
එම්.කනගරත්නම් මහතාගේ මතකය සැමරීම සඳහා පිහිටුවන ලද බස් නැවතුම්පොළ විවෘත කිරීමේ උත්සවයට උතුරු පළාත් ගරු ආණ්ඩුකාර එන්. වෙතනායගන් සහ උතුරු පළාත් ආඥාපති රියර් අද්මිරාල් එම්.ඩී.කේ. විජේවර්ධන මහතා සහභාගී විය.
රාජකීය ලංකා නාවික හමුදාවේ හිටපු ගෞරවනීය සාමාජිකයෙකු ලෙස එම්.කනගරත්නම් මහතා ඉටු කළ සේවය සැමරීම සඳහා මෙය ස්ථාපිත කර ඇති අතර මහජනතාව අතර ඔහුගේ මතකය දිගටම ආරක්ෂා කිරීම සඳහා මෙම මුලපිරීම ගෙන ඇත.
මෙම අවස්ථාවට උඩුවිල් ප්‍රාදේශීය ලේකම්, චුන්නාකම් පොලිස් ස්ථානාධිපති, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සහ ග්‍රාම නිලධාරී යන මහත්වරු සහභාගී වූහ.


