”අප ඔබව මිනිස් සංහතියටම කරුණාවක් ලෙස මිස අන් යමක් ලෙස නොඑව්වෙමු” යන ශුද්ධ වූ කුර්ආන් වැකියේ ශ්‍රේෂ්ඨ අර්ථය සිහිපත් කරන පූජනීය දිනය මීලාද්-උන්-නබි දිනයයි.
මහම්මද් නබිනායකතුමාගේ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) උපත සහ එතුමාගේ උතුම් ජීවන මාර්ගය සිහිපත් කරන මෙම මංගල දිනයේ, උතුරු පළාතේ මුස්ලිම් ජනතාවට සහ ශ්‍රී ලංකාවාසී සියලුම මුස්ලිම් සහෝදර සහෝදරියන්ට මාගේ හෘදයාංගම මීලාද්-උන්-නබි සුභාෂිංසන පිරිනමමි.
මහම්මද් නබිනායකතුමා (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මිනිස් සංහතියටම ආදර්ශයක් ලෙස පෙන්වා දුන් ආදරය, කරුණාව, සාධාරණත්වය, සහෝදරත්වය, සමතුලිතතාවය (සමානත්වය), ඉවසීම, වංචා රහිත බව (සාධුභාවය) සහ අන් අය උදෙසා ජීවත් වීමේ උතුම් ගුණාංග කාලයෙන් වැසී නොයන මානුෂීය වටිනාකම් වේ.
මිනිසුන් අතර වෙනස්කම් ඇති කරනවා වෙනුවට, ඔවුන්ව ආදරයෙන් හා ගෞරවයෙන් එකතු කිරීම නබිනායකතුමාගේ ජීවිතයේ ප්‍රධාන පාඩමකි. විශේෂයෙන්ම, බොහෝ ජාතීන්, ආගම් සහ සමාජයන් එකට ජීවත් වන අපගේ උතුරු පළාතේ, මෙම ගුණාංග තවදුරටත් බෙහෙවින් වැදගත් වේ.
අප සැමදෙනාම අපගේ ආගමික විශ්වාසයන්ට ගෞරව කරමින්, අනෙකුත් ආගම්වලට සහ ඒවායේ වටිනාකම්වලට ද ගෞරව කරමින්, සාමය, සහජීවනය, සහෝදරත්වය සහ අන්‍යෝන්‍ය විශ්වාසය සහිත සමාජයක් ගොඩනැගිය යුතුය.
මීලාද්-උන්-නබි උත්සවය, නබිනායකතුමාගේ උපත සිහිපත් කරන සිදුවීමක් පමණක් නොව, එතුමාගේ දේශනාවන් අපගේ එදිනෙදා ජීවිතයට එකතු කරගැනීමට ලැබෙන අවස්ථාවක් ද විය යුතුය. දුකට පත් වූවන්ට පිහිට වීම, දිළිඳුන්ට උපකාර කිරීම, අසල්වැසියාට ගෞරව කිරීම, අසාධාරණයට එරෙහිව සිටීම සහ සමාජයේ සාමය හා කරුණාව වර්ධනය කිරීම නබිනායකතුමාගේ ජීවිතයෙන් අප උගත යුතු උතුම් පාඩම් වේ.
මෙම පූජනීය දිනයේදී, අප රටේ ජීවත් වන සියලුම ජනතාව අතර සමගිය හා අවබෝධය තවදුරටත් තහවුරු වී, සාමය සහ සෞභාග්‍යය උදාවේවායි මම ප්‍රාර්ථනා කරමි. මහම්මද් නබිනායකතුමාගේ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) උතුම් ජීවන ආදර්ශයන් අපගේ සමාජය තුළ ආදරය, සාමය සහ සහජීවනය තවදුරටත් වර්ධනය කෙරේවා.
නැවත වරක් උතුරු පළාත් මුස්ලිම් ජනතාවටත්, ශ්‍රී ලංකාවාසී සියලුම මුස්ලිම් සහෝදර සහෝදරියන්ටත් මාගේ හෘදයාංගම මීලාද්-උන්-නබි සුභාෂිංසන!
ඊද් මුබාරක්.
