FARM TO GATE මෘදුකාංගය ජනගත කෙරෙයි.

ගොවි ජනාතාවටත් පාරිභොගික හා ව්‍යාපාරික ජනතවටත් ඉමහත් සෙත සැලසෙන උතුරු පලාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මියගේ සංකල්පයකට අනුව නිර්මාණය කෙරුණු FARM TO GATE මෘදුකාංගය ජනගත කිරීමේ වැඩසටහන ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) දින සිදුවිය.
මෙම FARM TO GATE මෘදුකාංගය භාගත කිරීමෙන් අද (22) දිනෙන් පසුව ජනතාවට ඉතා පහසුවෙන් සේවා ලබාගත හැකිවන අතර ඉන් විශාල සේවාවක් ලබාගැනීමේ හැකියවක් පවතියි.
FARM TO GATE මෘදුකාංගය ගරූ ජනාධිපතිතුමන්ගේ අතින් ජනගත කිරීමෙන් පසුව මෙම මෘදුකාංගයේ සේවාවන් ලබාගැනීමට ලියාපදිංචි වූ පිරිස සදහා සහතිකපත් ප්‍රධානය කිරීමද ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ උතුරු පලාත් ගරු අණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
මෙම අවස්ථාවට ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ඇතුලු මහජන නියෝජිතයින් , රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසී විශාල ජනතාවක් සහභාගී විය.