යාපනය ශ්‍රී නාග විහාරයේ පුණ්‍ය උත්සවය; ආණ්ඩුකාරවරයාගේ සහභාගිත්වය.

යාපනයේ ඓතිහාසික ශ්‍රී නාග විහාරයේ කඨින මහා පුණ්‍ය උත්සවය සහ දහවල් දානය දීමේ උත්සවය ඊයේ (2026.11.01) විහාර පරිශ්‍රයේදී පැවැත්විණි. විහාරාධිපති පූජ්‍ය ශ්‍රී විමල හිමියන්ගේ මඟ පෙන්වීම යටතේ මෙම උත්සවය පැවැත්විණි, උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතා ආගමික වතාවත් සඳහා සහභාගී විය.

මෙම අවස්ථාවට යාපනයේ ඉන්දීය තානාධිපකි කාර්යාලයේ තානාධිපතිවරයා සායි මුරලි මහතා, යාපනය දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පති සහ යාපනය ප්‍රාදේශීය ලේකම් ඇතුළු පිරිසක් සහභාගී වූහ. මෙම උත්සවය ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක දායකත්වයෙන් සහ නිර්මාල් කුබසිංහ මහතාගේ විශේෂ අනුග්‍රහය යටතේ සම්බන්ධීකරණය කරන ලදී.