ආණ්ඩුකාරවරයා සහ ඉන්දීය සංචාරක අංශයේ නියෝජිතයින් අතර විශේෂ හමුවක්

චෙන්නායි හි දෙදින සංචාරයක යෙදී සිටින උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා ඊයේ (12) පස්වරුවේ චෙන්නායි හි පිහිටි සංචාරක නියෝජිතයින්ගේ සංගමයේ  දී සමස්ත ඉන්දීය සහ තමිල්නාඩු සංචාරක නියෝජිතයින් හමුවිය.

වසර 41 කට පසු යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ ප්‍රතිසංස්කරණය කර ඇති අතර චෙන්නායි වෙත ගුවන් ගමන් සේවා ද ආරම්භ කර තිබේ. මෙම තත්වය තුළ, උතුරු පළාතේ සංචාරක කර්මාන්තයේ දියුණුව පිළිබඳව ආණ්ඩුකාරවරයා සහ එම නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් සිදු විය.

උතුරු පළාතේ සංචාරක කර්මාන්තය දියුණු කිරීම සදහා දායක වන ලෙස ආණ්ඩුකාරවරයා ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයේ ක්‍රියාකාරීව කටයුතු කරන ඉන්දියානු සංචාරක නියෝජිතයින්ගේ සංගමයෙන් ඉල්ලා සිටියේය.

සංචාරක හා සංස්කෘතික ස්ථාන හඳුනා ගැනීම මෙන්ම තමිල්නාඩුවේ සහ ඉන්දියාවේ සිට චෙන්නායි හරහා යාපනයට සංචාරකයින් ගෙන ඒම කෙරෙහි ද අවධානය යොමු වී ඇති බව මෙහිදී නියෝජිතයෝ පැවසූහ.

මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමට උතුරු පළාත සූදානම් බවත් එම කරැණු සම්බන්ධයෙන් සොයා බැලීමට උතුරු පළාතට පැමිණෙන ලෙසත් ආණ්ඩුකාරවරයා නියෝජිත පිරිසට ආරාධනා කළේය.