“පළාත් පාලන සභා උත්ශ්රේණි කිරීම සහ නව සභා පිහිටුවීම සලකා බලනු ලබන්නේ මූල්ය ධාරිතාව සහතික කිරීමෙන් පසුව පමණි” -ගරු අමාත්ය මහාචාර්ය චන්දන අභයරත්න
උතුරු පළාතේ සමහර ප්රාදේශීය සභා නගර සභා බවට උසස් කිරීම හෝ ප්රාදේශීය ලේකම් කොට්ඨාශ දෙකකින් සමන්විත සමහර ප්රාදේශීය සභා බෙදා නව පළාත් පාලන සභා නිර්මාණය කිරීම සම්බන්ධයෙන්, අනාගතයේදී ඒවා ඵලදායී ලෙස කළමනාකරණය කිරීමට අවශ්ය මූල්ය ධාරිතාව සහතික කරන්නේ නම්, දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටුවේ අනුමැතිය ඇතිව යෝජනා ඉදිරිපත් කළ යුතු බව රාජ්ය පරිපාලන, පළාත් සභා සහ පළාත් […]
