නිත්‍යානුකූල මාර්ග අවසරයකින් තොරව යාපනය දිස්ත්‍රික්කයේ සිට වෙනත් දිස්ත්‍රික්කවලට හුණුගල් ප්‍රවාහනය කළ නොහැකි බව දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී තීරණය වෙයි
උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී. එස්. එම්. චාල්ස් මහත්මියගේ සහ අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී (2024/05/30) පැවැත්විණි. යාපනය දිස්ත්‍රික්කයේ කැණීම් කරන ලද හුණුගල් වෙනත් දිස්ත්‍රික්කවලට කිසිදු අවසරයකින් තොරව ප්‍රවාහනය කරන බවට එල්ල වන චෝදනාවට පිළිතුරු දෙමින් සංවර්ධන කමිටු රැස්වීමට සහභාගි වූ දෙපාර්තමේන්තු නිලධාරීන් විවිධ කරුණු ඉදිරිපත් කළහ. […]