යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ සම සභාපති වරුන් වන උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මියගේ සහ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28/08/2024) යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙහිදී දිස්ත්‍රික්කයේ සිදු කෙරෙන සංවර්ධන ව්‍යාපෘති සහ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති කටයුතු ඇතුළු කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කෙරිණි. යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී පානීය ජල ප්රශ්නය, මාර්ග සංවර්ධනය, ඉඩම් ආරවුල්, රථවාහන ගැටලු ආදියට අදාළ පැමිණිලි සම්බන්ධයෙන් ලබාදිය හැකි විසඳුම් සම්බන්ධයෙන් ද අදහස් පළ කෙරිණි.
යාපනය මධ්‍යම බස් නැවතුම්පොළේ සහ මළුව හා කොටුව අවට ප්‍රදේශවල නීති විරෝධී ක්‍රියා සිදුවන බව මහජනතාව සඳහන් කළහ මෙම පැමිණිලිවලට ප්‍රතිචාර දක්වමින් ගරු ආණ්ඩුකාර තුමිය යාපනය මධ්‍යම බස් නැවතුම්පොළ අවට හදිසි වැටලීම් සිදු කරන ලෙස පොලිසියට උපදෙස් දුන්නාය එමෙන්ම පැය 24 පුරාවටම බස් නැවතුම්පොළ තුළ පොලිස් ආරක්ෂාව සක්‍රීය කළ යුතු බව ගරු ආණ්ඩුකාර තුමිය පැවසීය. කොටුව මළුව හා ඒ අවට ප්‍රදේශවල සිදුවන බව කියන නීතිවිරෝධී ක්‍රියා වැළැක්වීමට වඩා හොඳ යාන්ත්‍රණයක් සැලසුම් කර කඩිනම් පියවර ගන්නා ලෙස ද පොලිසියට උපදෙස් දෙන ලදී.
යාපනය දිස්ත්‍රික්කයේ ව්‍යාපෘති 826ක් ක්‍රියාත්මක කිරීමට මේ වසරේ රුපියල් මිලියන 322ක් වෙන් කර ඇත. ඉන් ව්‍යාපෘති 734ක් අවසන් කර ඇත. දීර්ඝ කාලයකට පසු මහා භාණ්ඩාගාරයෙන් ලැබුණු මුදල් නිසි ලෙස ප්‍රයෝජනයට ගත යුතු බව ගරු ආණ්ඩුකාර තුමිය පැවසීය. සිදුකෙරෙන ව්‍යාපෘති පිළිබඳව ප්‍රදේශයේ වෙසෙන ජනතාවට පැහැදිලි කළ යුතු බව ද ගරු ආණ්ඩුකාර තුමිය සඳහන් කළාය