උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්. චාල්ස් මහත්මියගේ උපදෙස් මත හා නිර්දේශයකට අනුව යාපනය නෙල්ලිඅඩි මධ්‍ය මහා විද්‍යාලයේ සිසුවෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වහා සොයා බලා වාර්තාවක් ලබාදෙන ලෙස ගරු ආණ්ඩුකාරතුමියගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන අබයම් ඒකකය මඟින් පාසල් විදුහල්පතිවරයාට සහ ප්‍රාදේශීය අධ්‍යාපන නිලධාරීන් වෙතට උපදෙස් දී ඇත.
නෙල්ලිඅඩි මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා පැවසුවේ, පහරකෑමට ලක්වූ සිසුවාට සහ පහරදීම සිදුකළ බව කියන සිසුවාට එරෙහිව පරීක්ෂණ පවත්වා නිසි පියවර ගන්නා බවයි. සිද්ධිය සම්බන්ධයෙන් පියවර ගෙන පහරකෑමට පත් සිසුවාට නිසි පිළියම් ලබා දෙන තුරු ගරු ආණ්ඩුකාර තුමියගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන අභයම් ඒකකය මගින් අඛණ්ඩ අධීක්ෂණයක් සිදු කරනු ලැබේ.
පසුගිය 22 වැනිදා යාපනය නෙල්ලිඅඩි මධ්‍ය මහා විද්‍යාලයේ 06 වැනි ශ්‍රේණියට ඇතුළත් වූ නවක සිසුවෙකුට පහරදීමක් සිදුව ඇති අතර පහරකෑමට ලක්වූ සිසුවා ප්‍රදේශයේ රෝහලට ඇතුළත් කිරීමෙන් පුසව වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබූ අතර පසුව ගරු ආණ්ඩුකාරතුමියගේ උපදෙස් පරිදි ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් එම සිසුවා හමුවී සිසුවාගේ සුව දුක් විමසා අවශ්‍ය ඉදිරි පියවර ගෙන ඇත.