තමිල්නාඩු ව්‍යවස්ථාදායක සභාවේ ඩී.එම්.කේ නායක හා විපක්ෂ නායක උතුරු පළාත් ආණ්ඩුකාරවරයා හමුවෙයි

ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් සහ ද්‍රවිඩ මුන්නෙත්‍රා කාසගම් සහ තමිල්නාඩු ව්‍යවස්ථාදායක සභාවේ විපක්ෂ නායක එම්.කේ. ස්ටාලින් අතර හමුවක් පසුගිය 12 වනදා  චෙන්නායි හිදී පැවැත්විණි.

හමුවේදී ආණ්ඩුකාරවරයා කියා සිටියේ ශ්‍රී ලංකාව සහ තමිල්නාඩුව මෙන්ම උතුරු පළාත සහ තමිල්නාඩු අතර අවබෝධය සහ විශ්වාසය ගොඩනැගීමේ වගකීම උතුරු පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් තමාට ඇති බවයි. මෙම රැස්වීම එහි පළමු පියවර වනු ඇති බව ඔහු පැවසීය.

වසර 41 කට පසු යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ ප්‍රතිසංස්කරණය කර ඇති බවත්, ඉන්දියාවේ චෙන්නායි වෙත මගී ගුවන් සේවය මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බවත් ආණ්ඩුකාරවරයා පැවසීය. එහි ප්‍රතිඵලයක් ලෙස උතුරු පළාතේ සංචාරක කර්මාන්තය වැඩිදියුණු කිරීමට ඔහු අපේක්ෂා කරන බව වැඩිදුරටත් පැහැදිලි කළේය.