කාන්තාවන්ට ආර්ථික නිදහස ලබාදිය යුතු බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය පවසයි

උතුරු නැගෙනහිර පුනරුත්ථාපන සංවිධානය විසින් සංවිධානය කරන ලද මත්පැන්වලට ඇබ්බැහිවීමට එරෙහි ව්‍යාපාරය අද (05/05/2024) යාපනයේ දී සංවිධානය කරන ලද විශේෂ වැඩසටහනට උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.  චාල්ස් මහත්මිය සහභාගි විය.

මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් කාන්තාවන් මුහුණ දෙන ගැටළු සහ අභියෝග යන තේමාව යටතේ මෙම දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණය සංවිධානය කර තිබුණි.

මෙහිදී අදහස් දැක්වූ උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය කියා සිටියේ මත්ද්‍රව්‍ය භාවිතය උතුරු පළාත තුළ අභියෝගාත්මක ගැටලුවක් ලෙස දකින බවයි.  මත් ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් කාන්තාවන් දිනෙන් දින අභියෝගවලට මුහුණ පා සිටින බව පැවසූ ගරු ආණ්ඩුකාර තුමිය එම තත්ත්වය වෙනස් කිරීමට පියවර ගෙන ඇති බව පැවසීය.  මත්ද්‍රව්‍යවලට එරෙහි ව්‍යාපාරය වෙනුවට තරුණ තරුණියන් විකල්ප ක්‍රියාකාරකම්වල නියැලී ඔවුන්ගේ කුසලතා සඳහා වේදිකාවක් සලසා දිය යුතු බවත්   උතුරු පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව සහ සංස්කෘතික දෙපාර්තමේන්තුව එක්ව ග්‍රාමීය මට්ටමින් නව ක්‍රියාකාරකම් ආරම්භ කර ඇති බවත් ගරු ආණ්ඩුකාර තුමිය මෙහිදී පැවසීය.

කාන්තා මූලික පවුල්වල ජීවනෝපාය  මාර්ග නංවාලීමට පියවර ගෙන ඇති බවත් කාන්තාවන්ට ආර්ථික නිදහස ලබාදීමේදී යහපත් වෙනසක් අපේක්ෂා කළ හැකි බවත් ගරු ආණ්ඩුකාර තුමිය පැවසීය.  ස්ථාවර ආර්ථිකයක් ළඟා කර ගැනීම සඳහා නව සැලසුම් දියත් කර ඇති බව  ආණ්ඩුකාර තුමිය සඳහන් කළාය. එමෙන්ම පවුල්වල ආර්ථිකය විනාශ කරන මත්ද්‍රව්‍යවලට එරෙහිව ක්‍රියා කිරීමට සියලුදෙනා එක්විය යුතු බවද වැඩිදුරටත් අදහස් දක්වමින් ගරු ආණ්ඩුකාර තුමිය අවධාරණය කර සිටියාය.