උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය අතර හමුවක් අද (2024/05/17) සිදු විය. උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී මෙම හමුව පැවැත්විණි.
උතුරු පළාතේ සංවර්ධන කටයුතු, අධ්‍යාපන, සංචාරක, ඉඩම් අත්පත් කර ගැනීම, එම දූපත් සඳහා ප්‍රවාහන පහසුකම්, ව්‍යාපාරික අවස්ථා, ආයෝජන කටයුතු ඇතුළු විවිධ කරුණු මෙහිදී සාකච්ඡාවට ලක් විය.
පශු සම්පත් නිෂ්පාදනය වැඩි දියුණු කළ යුතු බවත්, යාන්ත්‍රික තාක්ෂණය භාවිතය පිළිබඳව ජනතාව දැනුවත් කළ යුතු බවත් ගරු ආණ්ඩුකාර තුමිය මෙහිදී පැවසීය.
ඉඩම් නිදහස් කිරීම සහ නිදහස් කළ ඉඩම්වලට ජනතාවට ඇතුළුවීමට ඇති පහසුකම් සම්බන්ධයෙන් ද අමෙරිකානු තානාපතිවරිය ගරු ආණ්ඩුකාරවර තුමිය ගෙන් විමසා සිටියාය .අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ඉඩම් නිදහස් කිරීමේ කටයුතු සිදු කරමින් පවතින බව ගරු ආණ්ඩුකාර තුමිය මෙහිදී පැවසීය එමෙන්ම පසුගියදා නිදහස් කරන ලද ඉඩම්වලට ඇතුළුවීමට අවශ්‍ය මාර්ග නිසි ක්‍රමවේදයන් අනුගමනය කරමින් විවෘත කරමින් පවතින බවද ගරු ආණ්ඩුකාර තුමිය පැවසීය.
එමෙන්ම උතුරෙන් සොයා ගන්නා නිෂ්පාදන සඳහා වෙළඳපල අවස්ථා සැලසිය හැකි ප්‍රදර්ශන කටයුතු සඳහා සහයෝගයෙන් කටයුතු කරන ලෙසද ගරු ආණ්ඩුකාර තුමිය ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිවරියගෙන් ඉල්ලා සිටියාය.
උතුරට අවශ්‍ය සහයෝගය ලබාදීමට සූදානම් බව පැවසූ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනිය සිසුන් සඳහා නොමිලේ ඉංග්‍රීසි භාෂා පන්ති ආරම්භ කිරීමට අපේක්ෂිත බවත් ගරු ආණ්ඩුකාර තුමිය ගේ සහයෝගය අපේක්ෂා කරන බවත් පැවසීය. වසර 27කට පසු ඇමෙරිකානු සාම සාධක සංගමය හරහා ශ්‍රී ලංකාව තුළ නොමිලේ ඉංග්‍රීසි භාෂා පන්ති ආරම්භ කර ඇති බවද ඇමෙරිකානු තානාපතිවරිය පැවැසීය.