උතුරු පළාත් ආණ්ඩුකාරවරයා සහ අයි. ඕ.එම් ප‍්‍රධානියා අතර විශේෂ හමුවක්

ශ‍්‍රී ලංකාව සහ මාලදිවයින ස`දහා වූ ජාත්‍යන්තර සංක‍්‍රමණික සංවිධානයේ ප‍්‍රධානී සරත් ඩෑෂ් මහතා හා උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා අතර විශේෂ හමුවක් අද (02* ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී සිදු විය
ඉන්දියාවේ වෙසෙන ශ‍්‍රී ලාංකික දෙමළ සරණාගතයන් සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානය යොමු වී ඇති අතර ඔවුන් නැවත ශ‍්‍රී ලංකාවට ගෙන ඒමට ගත හැකි ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡුා කර ඇත ඔවුන් නැවත මෙරටට ගෙන ඒම සදඟා තම සංවිධානයෙන් රුපියල් මිලියන 6.5ක මුදලක් වෙන් කළ හැකි බවත් අනපේක්‍ෂිත සාධක කිහිපයක් හේතුවෙන් ඔවුන් නැවත ගෙන ඒම ප‍්‍රමාද වී ඇති බවත් පෙන්වා දුන් ඩෑෂ් මහතා ඒ ස`දහා සහය වන ලෙස ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලීමක් කර ඇත
මේ පිළිබ`දව විදේශ කටයුතු අමාත්‍යංශයේ නිළධාරීන් හා අදාළ අනෙකුත් නිළධාරීන් සම`ග සාකච්ඡුා කොට අයි. ඕ.එම් ආයතනයට අවශ්‍ය සහයෝගය ලබා දීමට ආණ්ඩුකාරවරයා විසින් එක`ග වී ඇත ඉන්දියාවේ වෙසෙන ශ‍්‍රී ලාංකික සරණාගතයන්ට නැවත තම ජාතියට ඇතුළු වීමට පූර්ණ අයිතිය ඇති බවට ප‍්‍රකාශ කළ ආණ්ඩුකාරවරයා ඔවුන් නැවත ශ‍්‍රී ලංකාවට පැමිණෙන විට ඔවුන්ට අවශ්‍ය නිසි පහසුකම් ලබා දීම සහතික කළ යුතු බවත් ඔවුන් නැවත කිසි දිනෙක ලංකාවේ සරණාගතයන් ලෙස ජීවත් වීමට ඉඩ දිය නොහැකි බවත් වැඩි දුරටත් ප‍්‍රකාශ කර සිටියේය
-උතුරු පළාත් මාධ්‍ය ඒකකය –

Please follow and like us:
0