වැව වාන් දැමීම හේතුවෙන් සෑම වසරකම දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා කාලසීමාව තුළ ප්රවාහන සම්බන්ධතා සම්පූර්ණයෙන්ම ඇණහිටින අම්බලපෙරුමාල්කුලම් ප්රදේශයේ ජනතාව මුහුණ දෙන දිගුකාලීන ප්රවාහන ගැටලුවට විසඳුමක් වශයෙන් රුපියල් මිලියන 200ක වියදමින් පෙට්ටි කාණු පද්ධතියක් සහ ප්රවේශ මාර්ගයක් ඉදිකිරීමේ කටයුතු කඩිනමින් සිදු කෙරෙමින් පවතී.
2025 වසරේදී අදාළ ප්රදේශයේ ක්ෂේත්ර නිරීක්ෂණ චාරිකාවක නිරත වූ උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන් . වේදනායගන් මහතා වෙත ප්රදේශවාසීන් විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීමට අනුව මෙම ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇත. ගරු ආණ්ඩුකාරතුමාගේ උපදෙස් මත මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් මෙම ව්යාපෘතිය මේ වන විට ක්රියාත්මක කරනු ලබයි.
මේ අතර, අදාළ ඉදිකිරීම් කටයුතු ඊයේ (22.10.2026) ගරු ආණ්ඩුකාරතුමා විසින් නිරීක්ෂණය කරන ලදී. එහිදී මෙම ව්යාපෘතිය සාර්ථකව ඉදිරියට ගෙන යමින් සිටින මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ කාර්යභාරය අගය කළ ගරු ආණ්ඩුකාරතුමා, ඉදිකිරීම් කටයුතු හැකි ඉක්මනින් අවසන් කර ජනතා පරිහරණය සඳහා භාරදීමට අවශ්ය පියවර ගන්නා ලෙස ද උපදෙස් ලබා දුන්නේය.


