සංගිලියන් උද්‍යානය සහ ඉනුවිල් ළමා රෝහල සඳහා ඉඩම් විධිමත් කිරීම පිළිබඳ සාකච්ඡාවක් පැවැත්විණි.

සංගිලියන් උද්‍යානය සහ ඉනුවිල් ළමා රෝහල සඳහා හඳුනාගත් ඉඩම් විධිමත් කිරීම පරීක්ෂා කිරීමේ සාකච්ඡාවක් අද සෙනසුරාදා (2025.10.11) සවස උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම්, උතුරු පළාත් ඉඩම් කොමසාරිස්, නියෝජ්‍ය මිනින්දෝරු ජනරාල්, යාපනය දිස්ත්‍රික්කයේ ඉඩම් අතිරේක දිස්ත්‍රික් ලේකම්, නල්ලූර් ප්‍රාදේශීය ලේකම්, උඩුවිල් සහකාර ප්‍රාදේශීය ලේකම්, යාපනය මහ නගර සභාවේ කොමසාරිස්, යාපනය ශික්ෂණ රෝහලේ සැලසුම් අංශයේ වෛද්‍යවරයා සහ තවත් අය මෙම සාකච්ඡාවට සහභාගී වූහ.