යාපනය තෙල්ලිපලෙයි ඔට්ටගපුලම් ප්‍රදේශයේ නිදහස් කළ ඉඩම්වලට මහජනතාවට ඇතුළුවීමට මාර්ග විවෘත කෙරේ

 යාපනය තෙල්ලිපලෙයි ඔට්ටගපුලම් ප්‍රදේශයේ පසුගියදා මුදාහැරුණු අක්කර 234.8ක ඉඩම් සඳහා මහජනතාවට ප්‍රවේශ වීම සඳහා මාර්ග විවෘත කර තිබේ.  උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.  චාල්ස් මහත්මිය සහ යාපනය  අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) සහ තෙල්ලිපලෙයි ප්‍රාදේශීය ලේකම් යන මහත්වරු 07 වැනිදා මෙම ප්‍රදේශයේ ක්ෂේත්‍ර සංචාරයක නිරත වූ අතර ආරක්ෂක අංශ සමඟ සාකච්ඡා කර මාර්ග දෙකක් විවෘත කර ඇත.

පොන්නාලෙයි – බටහිර වෙරළ ආශ්‍රිත පාර පලාලි උතුර පාසල අසලින් සහ ගුවන්තොටුපල පාර මරුතඩි හන්දියේ සිට පලාලි වීරප්පලෙයි පාර දෙසට විවෘත කර ඇත.  මීට අමතරව ගුවන් තොටුපල පාර  සහ ඔට්ටගපුලම් ප්‍රධාන මාර්ගයේ නිදහස් කර ඇති ඉඩම් වෙත යාමට දැනටමත් අවසර ලබා දී ඇත.

වාසවිලාන් නැගෙනහිර (J/244), වාසවිලාන් බටහිර (J/245), පලාලි උතුර (J/254), පලාලි නැගෙනහිර (J/253), පලාලි දකුණ (J/252) යන ග්‍රාම නිලධාරී කොට්ඨාශ යටතේ අක්කර 234.8ක ඉඩම් නිදහස් කරන ලදී. මෑතකදී.  මෙහි පදිංචි පවුල් 327ක් තම ඉඩම් හිමිකම් ලියාපදිංචි කර ඇති අතර ඒ අතරින් පවුල් 171ක් තම ඉඩම් සලකුණු කර එළිපෙහෙළි කිරීම ආරම්භ කර ඇත.

මෙහිදී සෙසු පුද්ගලයන්ගෙන්ද ඉල්ලා සිටින්නේ තම ඉඩම් සලකුණු කර පිරිසිදු කිරීමේ කටයුතු ඉතා කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු කරන ලෙසයි.