සෞඛ්‍ය අමාත්‍ය වරයා සහ උතුරු පලාත් ගරු ආණ්ඩුකාරතුමිය අතර හමුවක්. (උතුරේ සෞඛ්‍ය ක්ෂේස්ත්‍රය මුහුණ දී ඇති අභියෝග ගැන අවධානය)

සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහ උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය අද (2024.03.05) කොළඹ සුවසිරිපායේ පිහිටි සෞඛ්‍ය අමාත්‍යාංශයේදී හමුවී විශේෂ සාකච්ඡාවක නිරත විය.
මෙහිදී උතුරු පළාතේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය පිරිස් නොමැතිකම හේතුවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රය මුහුණ දෙන අභියෝග සම්බන්ධයෙන් උතුරු පළාත් ගරු ආණ්ඩුකාරවර තුමිය විසින් සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුවත් කරන ලදී.
මෙම හමුවේදී සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමියට සහතික වූයේ උතුරේ සෞඛ්‍ය ක්ෂේස්ත්‍රයේ පවතින පුරප්පාඩු සම්බන්ධයෙන් ඉදිරි මාස කිහිපය තුළ විසඳුමක් ලබා දෙන බවටයි.
මෙම සාකච්ඡාව වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පී.ජී. මහීපාල මහතා ද එක්ව සිටියේය.