“අපේ සමාජය පොත්පත් අධ්‍යාපනය සහ විභාග ප්‍රතිඵල මත පමණක් සිසුන් ගොඩනැගීමට උත්සාහ කරනවා මිස, ඔවුන්ගේ සහජ දක්ෂතා වර්ධනය කිරීම සඳහා වන සමගාමී විෂය බාහිර ක්‍රියාකාරකම්වලට යොමු කිරීමට දිරිගන්වන්නේ නැහැ.” – ගරු ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම් මහතා පවසයි.
වර්තමාන කාලවකවානුව තුළ සිසුන් අතර නායකත්ව ගුණාංග වර්ධනය කිරීම අතිශය වැදගත් කාර්යයක් බවත්, නායකත්ව ගුණාංග නොමැතිව කිසිවක් ජයගත නොහැකි බවත් උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම් මහතා ප්‍රකාශ කළේය. පෙළපොත් අධ්‍යාපනයට සමගාමීව, සිසුන්ගේ සහජ දක්ෂතා ඔප්නැංවීම සඳහා වන විෂය සමගාමී ක්‍රියාකාරකම් (Co-curricular Activities) සඳහා සිසුන් යොමු කිරීම තුළින්ම ඔවුන්ගේ නායකත්ව කුසලතා වර්ධනය කළ හැකි බව […]
