ශ්‍රීලංකා ගුවන් හමුදාවේ 73 වන සංවත්සරය උතුරු පලාත් ගරු ආණ්ඩුකාර තුමියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වෙයි

ශ්‍රීලංකා ගුවන් හමුදාවේ 73 වන සංවත්සරය නිමිත්තෙන් අධ්‍යාපන හා තාක්ෂණ ප්‍රදර්ශනයක් මෙන්ම සැණකෙලියක් අද (06) සිට ලබන 10 වැනිදා දක්වා පැවත්වෙයි.

මෙම ප්‍රදර්ශනය හා සැණකෙලි භූමිය නිල වශයෙන් විවෘත්ත කිරීම අද (06) පෙරවරු 10ට උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

ශ්‍රීලංකා ගුවන් හමුදාවේ විශේෂ සංදර්ශන මාලාවකින් 73 වන සංවත්සරට අලංකාර වීම විශේෂත්වයකි. උඩුගුවනේ අඩි 6000ක සිට හෙලිකොප්ටර් යානයකින් පැරසුට් මගින් මෙම උත්සව භූමියට පැරසුට් ශූරයින් 6 දෙනෙකු පැමිණීම ප්‍රදේශයේ ජනතාවට අලුත් අත්දැකීමක් විය. තවද ගුවන්යානා ක්‍රියාකාරීත්වය පිළිබඳව ප්‍රදේශයේ ජනතාවට අත්දැකීමක් ලබාගැනීම සඳහා තාක්ෂණ ප්‍රදර්ශනයක්ද මෙම භූමියේදී පැවත්වෙයි.

මෙම අත්දැකීම විඳගැනීම සඳහා විශාල ජනතාවක් උත්සව භූමිය වෙත පැමිණෙමින් සිටින අතර ගුවන්හමුදා ප්‍රදර්ශනය හා සැණකෙළිය ගුවන්හමුදාපතිතුමන්ගේ පූර්ණ අධීක්ෂනයෙන් සහ මෙහෙයවීමෙන් සිදුවෙයි.

ලංකා ගුවන් හමුදාවේ 73 වැනි සංවත්සරය උතුරේ දී සැමරීමට ගත් තීරණය පිළිබඳව සිය කෘතඥතාව පළ කළ මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත දේශනය සිදු කළ ගරු ආණ්ඩුකාර තුමිය පවසා සිටියේ, මෙම සංවත්සරය පැවැත්වීමෙන් උතුරේ ජනතාවට වටිනා අත්දැකීම් ලබාදීමට ගුවන් හමුදාව ගෙන ඇති ක්‍රියාමාර්ගය පිළිබඳව සිය සතුට පළ කළාය.

උතුරු පළාතේ ජනතාවගේ, තරුණ තරුණියන්ගේ සහ පාසල් සිසුන්ගේ ප්‍රයෝජනය සඳහා අධ්‍යාපන හා තාක්ෂණ ප්‍රදර්ශනයක් මෙන්ම, ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් උතුරු පළාතේ පාසල් ගොඩනැඟිලි ප්‍රතිසංස්කරණ කිරීමේ කටයුතු, පැළ සිටුවීම සහ පොත් 73,000ක් බෙදා හැරීම සම්බන්ධයෙන් උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමිය සිය කෘතඥතාව පළ කළාය.

තවද උතුරු පළාතේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය අනෙකුත් පහසුකම් ලබාදීම කෙරෙහිද අවධානය යොමූ කරන ලෙසද ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමිය ඉල්ලා සිටියාය.

තවද මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එයාර් වයිස් මාර්ෂල් සම්පත් වික්‍රමරත්න, උතුරු පළාත් ප්‍රධාන ලේකම් එස්.එම් සමන්බන්දුලසේන, පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, නිලධාරීන්, පාසල් සිසුන් සහ මහජනතාව සහභාගී වූහ.

Trusted Online Poker Sites Ranked by Safety (2023)