යුද හමුදාපතිවරයා සහ උතුරු පළාත් ආණ්ඩුකාරවරයා අතර විශේෂ හමුවක්..

23 වන යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහ උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා අතර හමුවක් පසුගිය 20 ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී සිදුවිය.
Florida Casinos Outside of South Fl
 හමුවේදී පශ්චාත් යුධ සමයේ උතුරු පළාතේ ආරක්ෂක හා මානුෂීය ක්‍රියාකාරකම් පිළිබඳව යුද හමුදාපතිවරයා  ආණ්ඩුකාරවරයාට විස්තර කළ අතර ඔහු කියා සිටියේ එම කටයුතු ඉදිරියටත්  කරගෙන යන බවයි.
 අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2015 ජනවාරි 8 වන දින බලයට පත්වීමෙන් පසු උතුරු පළාතේ මිලිටරි  ක්‍රියාකාරකම්වල විශාල වෙනස්කම්  සිදු වූ බව  ආණ්ඩුකාරවරයා පෙන්වා දුන්නේය.
උතුරු පළාතේ ඉඩම් ආරවුල් සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයා සිය කනස්සල්ල පළ කළ අතර පෞද්ගලික අයිතිකරුවන්ගේ ඉඩම් හැකිතාක් නිදහස් කිරීමට පියවර ගන්නා ලෙසත් ජාතික ආරක්ෂක කටයුතු සඳහා හමුදාවට නිදහස් කළ නොහැකි ඉඩම් හඳුනාගෙන ඒවා ප්‍රකාශයට පත් කරන ලෙසත් ආණ්ඩුකාරවරයා යුද හමුදාපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.
ආරක්ෂක කටයුතු සඳහා භාවිතයේ පවතින ඉඩම් හැර අනෙකුත් සියලුම ඉඩම් මේ වනවිට  නිදහස් කර ඇති බව පැවසූ හමුදාපතිරවරයා නිදහස් කළ හැකි තවත් ඉඩම් තිබේ නම් ඒ පිළිබදව සොයා බලා අදාළ පියවර ගත හැකි බව වැඩිදුරටත්  පෙන්වා දුන්නේය.

 

Casino Games with the Best Odds of Winning