රජයේ සහ පෞද්ගලික බස් සේවා ඒකාබද්ධ කාලසටහනකට අනුව ධාවනය ආරම්භ කිරීමේ අත්හදා බැලීමේ වැඩසටහන ලබන මැයි මස 01 වැනිදා සිට යාපනය නගරයේ නව බස් නැවතුම්පොළෙන් ආරම්භ කිරීමට තීරණය කර ඇත. උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය සහ ගරු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් අද (2024/04/15) ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත.
උතුරු පළාත් ප්‍රධාන ලේකම්, ආණ්ඩුකාර ලේකම්, අමාත්‍යාංශ ලේකම්වරුන්, මගී ප්‍රවාහන අධිකාරියේ නිලධාරීන්, පෞද්ගලික බස් හිමියන්, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නිලධාරීන්, පොලිසිය ඇතුළු නිලධාරීන් අද රැස්වීමට සහභාගි වූහ.
යාපනයේ ස්ථාපිත කර ඇති නව බස් නැවතුම්පළේ සිට රාජ්‍ය හා පෞද්ගලික දුරගමන් බස් සේවා අදාළව පවතින ගැටලු විසඳීම සඳහා ගරු ආණ්ඩුකාර තුමිය විසින් පත්කළ කමිටුවේ වාර්තාව උතුරු පළාත් ප්‍රධාන ලේකම් එම්. ඊ. ඉලංගෝවන් විසින් ඉදිරිපත් කරන ලදී.

මෙම අවස්ථාවේදී මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා විසින් ඉල්ලීමක් කරනු ලැබුවේ ඒකාබද්ධ කාලසටහනට අනුව දුරගමන් බස් රථ නව බස් නැවතුම්පොළේ සිට ධාවනයට යෙදවීමට කාලසටහන සකස් කිරීමට කාලය අවශ්‍ය බවයි. ඒ සඳහා දින 15ක කාලයක් ලබාදී ඇති අතර දුරගමන් සේවාවල නිරත රජයේ සහ පෞද්ගලික බස් රථවල ප්‍රවාහන සේවා ඒකාබද්ධ කාලසටහන යටතේ සිදුකිරීමේ කටයුතු මැයි මස පළමුවැනිදා සිට ආරම්භ කිරීමට තීරණය කර ඇත.