‘සුපිළිපන් සංස්කෘතියක් – පිරිසිදු ශ්‍රී ලංකාවක්’ ජාතික වැඩසටහන යටතේ, ඍජු හා කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ශක්තිමත් කිරීමේ අරමුණින් උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ නිලධාරීන් සඳහා වූ පළමු දින ප්‍රතිඥා දීමේ උත්සවය අද සඳුදා (27.07.2026) පෙරවරු 9.00 ට ආණ්ඩුකාර ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
ආණ්ඩුකාරවරයාගේ සහකාර ලේකම් සහ ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ පාලන නිලධාරී විසින් ජාතික කොඩිය සහ පළාත් කොඩිය ඔසවනු ලැබීමෙන් අනතුරුව නිලධාරීන්ගේ ප්‍රතිඥා දීමේ උත්සවය පැවැත්විණි. ඉන්පසු ‘සුපිළිපන් සතිය’ (Integrity Week) පිළිබඳව ආණ්ඩුකාරවරයාගේ සහකාර ලේකම් ජී. ඒකාන්තන් මහතා අදහස් දැක්වීය. මෙම අවස්ථාව සඳහා ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ සියලුම නිලධාරීන් සහභාගී වූහ.




