මන්නාරම මහ රෝහලට ඉන්දීය රජය රුපියල් මිලියන 600 ක පරිත්‍යාගයක් අනුමත කර ඇත. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හරහා උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය කළ ඉල්ලීමකට අනුව මෙම මූල්‍ය ප්‍රතිපාදන ලැබී ඇත.
රුපියල් මිලියන 600ක පරිත්‍යාගය මන්නාරම මහ රෝහලේ හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර අංශයේ ඉදිකිරීම් සහ වෛද්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා යොදා ගැනේ.
උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී එස්.එම්. චාල්ස් මහත්මියගේ මඟපෙන්වීම යටතේ පළාත් සභාව මගින් ව්‍යාපෘති යෝජනාවක් සකස් කර සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට අයදුම්පතක් ඉදිරිපත් කරන ලදී. මෙම ඉල්ලීම පිළිගනිමින් ඉන්දීය රජය රුපියල් මිලියන 600 ක පරිත්‍යාගයක් ලබා දී ඇත.
මන්නාරම මහ රෝහලේ හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර අංශයක් නොමැතිකම හේතුවෙන් ජනතාව දැඩි පීඩාවට පත්ව සිටිති. ඔවුන්ගේ ගැටලුවලට විසඳුමක් ලෙස උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය විසින් ඉන්දීය රජයෙන් ඉල්ලීමක් කර තිබීම හේතුවෙන් මෙම මූල්‍ය ප්‍රතිපාදන ලැබීම විශේෂත්වයකි.