උතුරු පළාත් අධ්‍යාපන ක්ෂේත්රයට උපාධිධාරීන් බඳවා ගැනීමේ අරමුණින් ඊයේ (25/05/2024) උපාධිධාරීන් 356 දෙනෙකු සඳහා ගුරු පත්වීම් ප්රදානය කරන ලදී. ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් උපාධිධාරීන් සඳහා ගුරු පත්වීම් ලිපි ප්රදානය කළේය.යාපනය ෆාදර් සෙල්වා ශ්‍රවණාගාරයේදී උත්සවය පැවැත්විණි.
මෙම අවස්ථාවට උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මිය, ගරු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ. සුමන්ත්රන්, ධර්මලිංගම් සිද්ධාර්ථන්, චාල්ස් නිර්මලනාදන්, හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන්, උතුරු පළාත් ප්‍රධාන ලේකම්, ඇතුළු උපාධිධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
උත්සවය ඇමතූ ගරු උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මිය උත්සව සභාව අමතමින්, “ගුරු තනතුරු සඳහා වන තරඟ විභාගයට අයදුම්කරුවන් 3000ක් පෙනී සිටියත් ඔවුන් ලබා ගත් ලකුණු අනුව සම්මුඛ පරීක්ෂණයෙන් තේරී පත් වූ උපාධිධාරීන් 356 දෙනෙකු අද ගුරු පත්වීම් ලබන බව පැවසීය.. කෙසේ වෙතත්, ගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත සති දෙකකින් නැවත උපාධිධාරීන්ගෙන් අයදුම්පත් ලබා ගෙන ඉතිරි පුරප්පාඩු පිරවීමට පියවර ගන්නා බව පැවසීය. ඉහළ පන්තිවලට ගුරු හිඟයක් තිබෙන බවත්. යාපනය දිස්ත්‍රික්කය හැර අනෙකුත් දිස්ත්‍රික්ක සඳහා නව ගුරුවරුන් පත් කෙරුනු බවත් පැවසීය.. සිසුන්ගේ මානසික සෞඛ්‍යය ගැන සිතා නව තාක්ෂණය යොදා ගනිමින් යහපත් සමාජයක් ගොඩනැගීමට කටයුතු කළ යුතු බව පැවසූ ගරු ආණ්ඩුකාර තුමිය රජයේ රැකියා දෙස පමණක් නොබලන නව සමාජයක් ගොඩනැගීමේ වගකීම ඔබ සතුයි බවද පැවසීය .”