ඉන්දීය මුදල් අමාත්‍යවරිය යාපනයේ සංචාරයක

තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මාලා ශීතාරාමන් මහත්මිය අද (03) යාපනය සංචාරයෙන් පසුව ඉන්දියාව බලා පිටත්ව ගියාය.

යාපනයේ නව තාක්ෂණ හා නිපයුම් වෙළඳ ප්‍රදර්ශනය නිරීක්ෂණයට පැමිණි ඉන්දීය මුදල් අමාත්‍යවරිය පිළිගනු ලැබුවේ උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය විසිනි.

More Casinos That Got Lucky with Great Names - PokerListings

ඉන් අනතුරුව යාපනය පුස්තකාලය හා නල්ලූර් කෝවිල නිරීක්ෂණය කල ඉන්දීය මුදල් අමාත්‍යවරිය අනතුරුව යාපනය ඉන්දීය අයෝජන බැංකු ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට එක්විය.

මෙම අවස්ථාවටද උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම් චාල්ස් මහත්මියද සහභාගී වූවාය.

යාපනය සංස්කෘතික ශාලාවේ පැවති හමුවේදී අදහස් දක්වමින් උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය ප්‍රකාශ කලේ ,

“ශ්‍රීලංකාව සහ ඉන්දියාව අතර එදා සිටම සමීප සබඳතාවයක් පවතින බවත් මෙරට අවශ්‍ය අවස්ථාවන්හීදී විවිධ අයුරින් සහයෝගය දැක්වීම ගෞරවයෙන් සිහිපත් කළ යුතු බවයි.

උතුරරේ මෙන්ම මෙරට ජනතාවගේ ජීවින තත්වය නංවාලීමට, නිවාස ව්‍යාපෘති ඇතුලු සංවර්ධන වැඩසටහන් සඳහා දායකත්වය ලබාදීම මෙන්ම විශේෂයෙන් යුද්දය නිමාවීමෙන් පසුව මෙම පලාත සංවර්ධනය උදෙසා ඉන්දීය රජය දැක්වූ දායකත්වය පළිබඳව ස්තූතිය පුදකල යුතු බව පැවසීය. එමෙන්ම අපරටට ජාත්‍යන්තර මූල්‍ය ආධාර ලබාගැනීමේදී ඉන්දීය රජය පූර්ණ සහය ලබාදීම පිළිබඳව සිහිපත් කළ ආණ්ඩුකාර වරිය ඉන්දීය මුදල් අමාත්‍යවරියගේ සංචාරය මෙරට හා ඉන්දියාව අතර සමීපතාවය තවදුරටත් වර්ධනය කිරීමට පිටුවහලක් සැලසෙතැයි පැවසීය.

මෙම අවස්ථාවන්ට රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ඇතුලු පිරිසක් සහභාගී වූහ.

Casinos That Offer Free Play (No Deposit Required)