ඉන්දියාවේ සිට පැමිණෙන සරණාගතයින් ජාත්‍යන්තර ගුවන්තොටුපළවලදී මුහුණ දෙන අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා උතුරු පළාත් ගරු ආණ්ඩුකාර එන්. වෙදනායකන් මහතා විසින්, අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ඉදිරිපත් කරන ලද ඉල්ලීමකට විසඳුමක් සෙවීම සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව නිවේදනය කර ඇත.
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයට පිටපත් කොට, උතුරු පළාත් ආණ්ඩුකාරවරයා විසින් අතිගරු ජනාධිපතිතුමා වෙත ලිපියක් යවන ලදී.
ඒ අනුව, “යුධ වාතාවරණ සමයේ අනුමත තොටු පළකින් හා විධිමත් ගමන් බලපත් භාවිතයෙන් තොරව රටින් පිටව ගොස් ඉන්දියාවේ සරණාගතභාවය ලද ශ්‍රී ලාංකික භාවය තහවුරු කරන ලද තැනැත්තන් ස්වේච්ඡාවෙන් පෙරළා සිය රට පැමිණීමේ දී ආගමන නිෂ්කාශන පහසුකම් සැලසීම” යන මැයෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත්, කැබිනට් තීරණයට අනුකූලව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා ගරු නීතිපති තුමාගෙන් උපදෙස් විමසා ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය ආණ්ඩුකාරවරයාට දන්වා තිබේ.